March, 3, 2022
පසුගිය 2021 වසරේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රු. බිලියන 21.45 ක අලාභයක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ.
මෙහිදී සමස්ත වර්ෂය තුළ දී රු. බිලියන 249 ක ආදායමක් ඉපයීමට මණ්ඩලය සමත්ව ඇතත් මණ්ඩලයේ විසින් දරා ඇති විකුණුම් පිරිවැය රු. බිලියන 254.45 ක් වශයෙන් දක්වා ඇත.
මේ හේතුවෙන් රු. බිලියන 5.55 ක දළ අලාභයක් විඳීමට සමාගමට සිදුව ඇති අතර සෙසු ගැළපීම් කිරීමෙන් පසු රු. බිලියන 2.15 ක මෙහෙයුම් අලාභයක් වාර්තා වේ.
කෙසේවෙතත් 2021 වසර තුළ දී රු. බිලියන 20.43 ක මූල්‍ය පිරිවැයක් දැරීමට හේතුකොට ගෙන රු. බිලියන 21.45 ක අලාභයක් දැරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ.
අදාළ වාර්තාව පහතින් දැක්වේ.

Video Story