2021 සැප්තැම්බරයේ දී සංචාරකයින් 13,547 ක් ඇවිත්. වැඩිම පිරිස ඉන්දියාවෙන්

    October, 7, 2021

    පසුගිය 2021 සැප්තැම්බර් මාසයේ දී විදෙස් සංචාරකයින් 13,547 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය 2021 වසරේ තනි මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ගණන වේ.

    මේ අනුව වසරේ මුල් මාස 09 තුළ දී මෙරටට පැමිණ  ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 37,924 කි.

    මෙම සංචාරකයින්ගෙන් 63% ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 8,258 කි.

    මේ අතර ඊශ්‍රායලය, චෙක් ජනරජය, ෆින්ලන්තය, පෝලන්තය හා පෘතුගාලය මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමට වැඩි විභවයක් පවතින රටවල් ලෙසින් සංචාරක සංවර්ධන අධිකාරිය හඳුනාගෙන තිබේ.

     

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates