2022 ගිම්හාන සෘතුවේදී එමිරේට්ස් බෝඩිං පාස් පතට ඩුබායිහිදී ආකර්ශනීය වට්ටම් මාලාවක්

    May, 9, 2022

    2022 මැයි 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ඩුබායි වෙත පැමිණෙන එමිරේට්ස් ගුවන් මගීන්ට ලබා දී ඇති ගුවන් යානයට පිවිසීමේ පත (Boarding pass) ඉදිරිපත් කිරීමෙන් ආකර්ශනීය වට්ටම් සහ ප‍්‍රතිලාභ ලබාගත හැකි ප‍්‍රවර්ධනයක් එමිරේට්ස් ගුවන් සමාගම විසින් දියත් කර තිබේ.

    මෙහිදී, එමිරේට්ස් ගුවන් මගීන්ට එම පිවිසීමේ පත් වල තමන්ට හිමිවන කොටස පෙන්වීම මගින් ඩුබායිහිදී සිල්ලර, සංචාරක, අවන්හල්, සාප්පු සංකීර්ණ ඇතුළු බොහෝ ස්ථාන වලින් වට්ටම් ලබාගත හැකි බව එමිරේට්ස් සඳහන් කරයි. මීට අමතරව, ඩුබායි වෙත පැමිණෙන මගීන්ට මැයි මාසය තුළදී මේ ආකාරයෙන් නොමිලේ Dubai Marina Cruise සංචාරයක් සිදුකිරීමේ අවස්ථාව හිමිවන අතර එහිදී නගරයේ මනස්කාන්ත දසුන් නැරඹිය හැකි බව සඳහන්ය.

    පැයක් පුරා සිදුකරන මෙම සංචාරය සඳහා කලින් වෙන්කිරීම් සිදුකිරීම අනවශ්‍ය බව ද එමිරේට්ස් සඳහන් කරයි. එමිරේට්ස් බෝඩිං පාස් පතේ ගුවන් මගියාට හිමිවන කොටස එම මොහොතේ පෙන්වීම මගින් මෙම සංචාරයට එක්විය හැකි අතර මෙම සංචාරය මැයි 01 වනදා සිට 31 වනදා දක්වා උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා සිදුකරන බව සමාගම සඳහන් කරයි.

    මෙම වට්ටම් පිළිබඳ තොරතුරු www.emirates.com/myemiratespass. වෙබ් අඩවියට පිවිස දැනගත හැකිවේ.

    මෙම ගිම්හාන සෘතුවේදී ඩුබායි නගරයේ බොහෝ විනෝදාස්වාද කටයුතු සිදුකරන අතරම සංස්කෘතික ප‍්‍රදර්ශන, සාප්පු සවාරි කටයුතු සහ ප‍්‍රණීත ආහාර පාන සැණකෙළි, පවුලේ සැමට එක්ව සහභාගීවිය හැකි වැඩසටහන්, වෙළෙඳ වට්ටම් සහ දීමනා ලබාදීම්, විනෝදය සපිරි තරඟ සහ සාප්පු සවාරියේ ගොස් ත්‍යාග දිනාගැනීමේ ප‍්‍රවර්ධන වැඩසටහන් පැවැත්වෙනු ඇත.