January, 28, 2022
2022 වසරේ දී වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 20 ක ආදායමක් බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (28) දින පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 15 ක් බවයි.
2021 වසරේ දී ශ්රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 15.1ක ආදායමක් වාර්තා කිරීමට සමත් වූ බව වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
එය 2020 වසරේ උපයන ලද ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි.
Video Story