2022 බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේදී සියැට් ස්ථාන 10 ක් ඉහළට

    April, 26, 2022

    ශ‍්‍රී ලංකාවේ ටයර් කේෂ්ත‍්‍රයේ 2022 වසරේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සියැට් සන්නාමය නම් කර ඇති අතර, එම සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන මෙරට ඉහළම වටිනාකමක් ඇති සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි මෙවර ස්ථාන 10ක් අභිබවා ඉදිරියට පැමිණීමට සියැට් සන්නාමය සමත් වී ඇත.

    බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2022 වසරේදී සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 2.922 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබෙන අතර එය 2021 වසරට සාපේක්ෂව 44% ක කැපී පෙනෙන වර්ධනයකි. මේ අතර, විශාලතම බැංකු, විදුලි සංදේශ සේවා සම්පාදකයින් සහ සිල්ලර අංශයේ දැවැන්තයින් ඇතුළු ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 අඩංගු සන්නාම වටිනාකම් දර්ශකයේ සියැට් සන්නාමය 38 වන ස්ථානයට පැමිණ ඇත.

    සියැට් සන්නාමය සඳහා බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2022 වසර සඳහා ‘AAA’ සන්නාම වර්ගීකරණය ලබාදී ඇත. එය මේ වසරේදී ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික සන්නාම සඳහා ලබාදුන් දෙවන හොඳම වර්ගීකරණය වේ.

    මෙම ජයග‍්‍රහණය පිළිබඳව සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශක්තිමත් බව මැනීම සඳහා හොඳම පරීක්ෂණය වන්නේ දුෂ්කර කාලයේදී කටයුතු කරන ආකාරය දෙස බැලීමයි. ගෝලීය කොවිඞ්-19 වසංගතය ආරම්භ වූදා සිට මේ දක්වා සියැට් සන්නාමය බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් හොඳම සන්නාම 100 ලයිස්තුවේ ස්ථාන 15 ක් ඉදිරියට පැමිණීමට සමත් වුණා. එසේම, 2020 වසරේ සිට සන්නාමයේ වටිනාකම දෙගුණ වී තිබෙනවා. මෙවැනි අභියෝගාත්මක කාලයකදී මෙම ජයග‍්‍රහණ ලබාගැනීම අපට විශේෂ ශක්තියක් මෙන්ම ධෛර්්‍යයක් වනවා.’

    බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සන්නාමයේ ශක්තිය, ව්‍යාපාරික කාර්ය සාධනය, සහ බාහිර වෙනස්කම් යන කරුණු වලට ලබාදෙන වෙනමම වටිනාකම් මගින් සන්නාමයේ වටිනාකම ගණනය කරනු ලබයි. වෙළෙඳ සලකුණු සහ සම්බන්ධිත බුද්ධිමය දේපල ද සාමාන්‍යයෙන් ඇතුළත් වන සන්නාමයේ පේ‍්‍රෂණය කළ හැකි අංගවල වටිනාකමද ගණනය කරන නිශ්චිත වත්කම් ගණනය කිරීමක් ලෙසින් එය විස්තර කරනු ඇත.

    1996 වසරේ ආරම්භ කළ ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන, අගය පදනම් කරගත් සන්නාම උපායමාර්ග උපදේශන ආයතනයක් වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ මූලස්ථානය ලන්ඩනයේ පිහිටා තිබෙන අතර ශාඛා ජාලය ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 20 කට වැඩි ප‍්‍රමාණයක ව්‍යාප්තව තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් අලෙවිකරණය සහ මූල්‍යනය අතර තිබෙන හිඩැස සන්නාමවල තිබෙන මූල්‍ය වටිනාකම ගණනය කිරීම මගින් පුරවනු ලබයි. සන්නාම තක්සේරු කිරීමේ ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන් වන ISO 10668 සහ ISO 20671 නිර්මාණය කිරීමට බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් දායකත්වය ලබාදෙන ලදි.

    ශ‍්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැළණි සමාගම මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකේ. මේ දක්වා මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය දියුණු කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය සඳහා තවත් රුපියල් බිලියන 3.2 ක මුදලක් 2022 වසරේදී ආයෝජනය කිරීමට එකඟවී තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

    සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.