2022 මේ දක්වා පැමිණි සංචාරකයින් ප්‍රමාණය 164,000 ඉක්මවයි

    February, 25, 2022

    2022 වසරේ ජනවාරි 01 දින සිට පෙබරවාරි 24 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 164,898 ක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තා පෙන්වා දේ.

    මෙහිදී පෙබරවාරි මාසයේ පළමුවැනිදා සිට 24 දක්වා පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය 82,571 කි.

    මෙම වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එය 26,597 ක් වේ.

    දෙවැනියට වැඩිම සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 22,304 ක් වන අතර තෙවැනි තැනට එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 16,638 ක් වේ.

    මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණි රටවල් අතුරින් සිව්වැනියට ඇත්තේ මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති යුක්‍රේනයයි. යුක්‍රේන සංචාරකයින් 12,979 ක් 2022 ජනවාරි 01 සිට පෙබරවාරි 24 දක්වා කාලය තුළ දී පැමිණ තිබේ.