March, 14, 2022
ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල, 2022 ලෝක ග්ලුකෝමා සතිය සනිටුහන් කරමින්, ග්ලුකෝමා සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම සහ එය හඳුනාගත් පසු ජීවන රටාව වෙනස් කර ගනිමින් එය පාලනය කර ගන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කරයි.
ග්ලූකෝමා රෝගය සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම පවතින අතර එය රෝගියාට වැළඳී ඇති ග්ලුකෝමා වර්ගය අනුව වෙනස් වෙයි. වඩාත් සුලභව දක්නට ලැබෙන ග්ලුකෝමා රෝග තත්ත්වය primary open angle ග්ලුකෝමා ලෙස හඳුන්වන අතර සාමාන්‍යයෙන් ඇස් සඳහා භාවිතා කරනු ලබන දියර (අයිඩ්‍රොප්ස්) භාවිතයෙන් ප්‍රතිකාර කරනු ලැබේ. අයිඩ්‍රොප්ස් ඇස්වල පීඩනය අඩු කරන අතර සාමාන්‍යයෙන් දිනකට එක් වරක් හෝ තුන් හතර වතාවක් භාවිතා කළ හැකි වේ. ඇතැම් රෝගීන් හට එක් දියර වර්ගයකට වඩා අවශ්‍ය විය හැකි අතර වඩාත් ක්‍රියාකාරී වර්ගය සොයා ගැනීමට පෙර රෝගීන් හට අයිඩ්‍රොප්ස් වර්ග කිහිපයක් භාවිත කිරීමට සිදු විය හැකිය.
අයිඩ්‍රොප්ස් මගින් රෝගියාගේ රෝගී තත්ත්වයේ වෙනසක් ඇති නොවුණහොත් ලේසර් ප්‍රතිකාරය සඳහා යොමු විය හැකිය- මෙයට අධි ශක්ති ආලෝක කදම්භයක් ඇතුළත් වන අතර එය තරල ගොඩනැගීම නැවැත්වීම සඳහා රෝගියාගේ ඇසේ එක් කොටසකට ප්‍රවේශමෙන් යොමු කෙරේ. ඇතැම් අවස්ථාවල දී, අයිඩ්‍රොප්ස් සහ ලේසර් ප්‍රතිකාර ක්‍රම දෙකම ඵලදායී නොවන අතර ශල්‍යකර්ම වෙත යොමු වීමට සිදු විය හැකිය. ග්ලුකෝමා සඳහා වඩාත් සුලභ ආකාරයේ සැත්කම් Trabeculectomy ලෙස හැඳින්වේ.
ග්ලුකෝමා තත්ත්වය වැළඳී ඇති රෝගීන් එම රෝගී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා තම ජීවන රටාවේ යම් කිසි වෙනස්කම් සිදුකර ගත යුතු වේ- ග්ලුකෝමා රෝගය පාලනය කිරීම සඳහා රෝගීන් හට දවස පුරා අයිඩ්‍රොප්ස් වර්ග එකක් හෝ කිහිපයක් භාවිත කිරීමට සිදු විය හැක අතර මෙය නිසි කාලසටහනකට අනුව සිදු කළ යුතු වේ. පෙනීමෙහි අඩුවීමත් සමගම වැටීම් හෝ තුවාල වීම් වැනි හදිසි අනතුරුවලට ලක් වීමට ඉඩ ඇති බැවින් සෑම විටම වටපිටාව පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ- පෙනීමෙහි දුර්වලතා ඇති වීමත් සමඟ පොත්පත් කියවීම වැනි කාර්යයන් අභියෝගයක් වූවත් විශාලක උපාංග වැනි මෙවලම් භාවිතයෙන් රෝගීන්ට කියවීම දිගටම කරගෙන යා හැක- වෙබ් බ්‍රවුසර මඟින් ඔබට පහසුවෙන් කියවීම සඳහා අකුරු වල ප්‍රමාණය වැඩි කිරීමට ඉඩ ලබා දෙන අතර, කියවීමෙන් තොරව ඔබේ ප්‍රියතම පොත් රස විඳීමට ශ්‍රව්‍ය පොත් වැනි තාක්ෂණික විසඳුම් ද ඇත.
ගල්කිස්ස, ගාලු පාරේ අංක 102 දරන ස්ථානයේ පිහිටි මවුන්ට් ලෝටස් රෝහල වෙතින් ඕනෑම කෙනෙක් සඳහා ග්ලුකෝමා රෝග පරීක්ෂාව සිදු කර ගත හැකි වේ. මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත වෛද්‍ය විසඳුම් ලබා දීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි. ඕනෑම ආකාරයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත ආබාධයක් සඳහා වෛද්‍ය සහ ශල්‍ය විසඳුම් ලබා දීමට නවීන තාක්ෂණයන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්‍ය මණ්ඩලයකින් රෝහල සමන්විත වේ.
Video Story