2022 සිට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලය දීර්ඝ කෙරේ

    December, 22, 2021

    2022 ජනවාරි 03 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.

    මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 10.30 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 4 ක් වේ.

    Pre-open session           - 10.00 a.m. to 10.30 a.m.

    Open Auction                  - at 10.30 a.m.

    Regular Trading             - will commence at 10.30 a.m.

    Market close                    - 2.30 p.m