2023 අගෝස්තු වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

    September, 26, 2023

    2023 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2023 ජූලි මාසයට සාපේක්ෂව 2023 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,091.6 දක්වා 6.98% කින් වැඩි විය. කෙසේ වෙතත්, එය 2022 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 10.91% ක අඩුවීමකි.

    විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අංශවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී ඇත.

     මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2020 - අගෝස්තු, 2023

    සේවා අපනයනය

    2023 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,409.08 ක් වූ අතර එය 2022 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 12.96% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණය/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.