• Ada Derana BIZ Sinhala
  • Budget
  • sri lanka
  • today

2023 අයවැය පළමුවර කියවීම අද

October, 18, 2022

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අයවැය පළමුවර කියවීම ලෙසින් හැඳින්වේ.

මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය (07) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය විය.