2023 ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියනයක ආදායමක්

    March, 2, 2023

    2023 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1,001.9 දක්වා 8.98% කින් අඩුවී ඇත. කෙසේ වෙතත් එය 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 6.97% ක වර්ධනයකි.