මහ බැංකුව ඩොලර් ගන්න හැටි IMF කියයි

    March, 21, 2023

    2023 වසර තුළ දී ඩොලර් බිලියන 1.4 ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් සෘජුව මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වී ඇති බවත්, එය මෙරට සංචිත ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම (IMF-supported EFF program) අනුමත කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දීම සඳහා අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.