2023 දී ශ්‍රී ලංකා ආර්ථිකය 2.3%කින් පසුබසී

    March, 18, 2024

    2023 වර්ෂය සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව අනාවරණය කරන්නේ, 2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 2.3ක පසුබැස්මක් වාර්තා කර ඇති බවයි.

    තවද, 2022 වර්ෂයේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 12,161,201 ක් ලෙස වාර්තා වී තිබූ අතර එය 2023 වර්ෂයේ දී රු. මිලියන 11,881,736 ක් දක්වා පහත වැටී ඇත.

    මේ සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුටරත් මෙසේ සඳහන් වේ.