2023 රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශේෂ අවස්ථා

    April, 20, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL අනුග්‍රාහකත්වය සමගින් 19 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය නගාසිටුවීමට කැප වී සිටින සන්නාමයක් වශයෙන් SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් ප්‍රධාන සම්මාන උළෙලේ නිල සන්නිවේදන හවුල්කරු ලෙසද, නාමයෝජනා ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසද කටයුතු කළේ ය.

    ‘Let’s revive’ යන තේමාව යටතේ පැවති මෙවර සම්මාන උළෙලට, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා සහ SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද එක්වූහ. සම්මාන උළෙලේදී ජනගත සම්මාන ඇතුළුව සම්මාන 60 ක් පිරිනමන ලද අතර, සම්මාන උළෙල අවසානයේදී රංගන ශිල්පීන් හා නිෂ්පාදකවරුන් ඇතුළුව මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක්ද පැවැත්විණි.

    Video Story

    Stock Market

    Exchange Rates