2023 වසරේ මේ දක්වා සංචාරකයින් 286,431ක් ලංකාවට

    March, 22, 2023

    2023 මාර්තු මාසයේ 19 වන දිනෙන් අවසන් වූ කාල පරිච්ඡේදය තුළ පමණක් සංචාරකයින් 76,247 ක ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අතරින් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 16,588 කි.

    මීට අමතරව ඉන්දියානු සංචාරකයින් 11,153 ක්, ජර්මනියෙන් 6,088 ක්, එක්සත් රාජධානියෙන් 5,714 ක්, ප්‍රංශයෙන් 3,813 ක්, අමෙරිකාවෙන් 3,636 ක්, සහ කැනඩාවෙන් 2,599 ක් ලෙසින් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත.

    ඒ අනුව 2023 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළදි මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 286,431 කි.