2025 ඔක්තෝබරයේ දින 12කදී විදෙස් සංචාරකයින් 62,000ක් මෙරටට

    October, 15, 2025

    මෙම වසරේ ඔක්තෝබර් 12වන දින දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,788,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එහි නවතම දත්ත වාර්තාවලට අනුව ඔක්තෝබර් මාසයේ පළමු දින 12 තුළ දී 62,741ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

    ඔක්තෝම්බර් මාසයේ පළමු දින 12 තුළ 18,299ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස අඛණ්ඩව ඉන්දියාව වාර්තා වී ඇත.

    මීට අමතරව චීනයෙන් 5,417ක්, එක්සත් රාජධානියෙන් 4,874ක්, ජර්මනියෙන් 3,804ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 2,954ක් ලෙස එම කාලසීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

    Video Story

    Stock Market

    Exchange Rates