2025 මුල් මාස 08දී රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 5 ඉක්මවයි

    September, 8, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 අගෝස්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 680.8 ක් ලෙසින් වාර්තා වී ඇත.

    ඒ අනුව වසරේ මුල් මාස 08 තුළ දී ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන ඩොලර් බිලියන 5.11 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය වාර්ෂික පදනම අනුව 2024 මුල් මාස 08 තුළ වාර්තා වී ඇති ඩොලර් බිලියන 4.28ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 19.3% ක සුවිශේෂී වර්ධනයක් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates