2030 වනවිට සූර්යබලයෙන් මෙගාවෝට් 1009ක්

    November, 21, 2017

    ජනන සැලසුම යටතේ වසර 2030 වනවිට සූර්යබලයෙන් මෙගාවෝට් 1009ක විදුලි නිෂ්පාදනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිට සූර්ය බලාගාර 60ක් සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කොට ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ලෝකයේ පවතින අඩු වියදම් සහිත විදුලි උත්පදන ක්‍රමයක් සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම. මේ වනවිට සූර්ය පැනට වහළ මත සවිකර විදුලිය ලබගැනීමට පහසුකම් සළසා ඇත. ක්‍රම තුනක් යටතේ විදුලිය උත්පාදනය් කරන්න පුළුවන්. අද ඉතා වැදගත් කටයුත්තක් සිදුවෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වසරක් තුළ මෙගාවෝට් සියයක් ජාතික පද්ධතියට එකතු කිරීම අද සමරනවා.

    මීට අමතරව පෞද්ගලික අංශය සම්බන්ධ වී මේ.වෝ.51.3ක විදුලි බලාගාර 7ක් මඟින් විදුලිය සැපයෙනවා. ජනන සැලසුම අනුව සූර්ය බලයෙන් වසර 2020 වනවිට මෙ.වෝ. 410ක් 2025 වන විට මෙ.වෝ.685ක් 2030 වන විට මෙ.වෝ 1009ක් දක්වා විදුලිය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා.

    සූර්යබල සංග්‍රාමයේ දෙවැනි අදියර යටතේ මෙ.වෝ 01 බැගින් වන  සූර්ය බලාගාර 60ක් සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කොට  තිබෙනවා. ලබන සතිය වනවිට මෙ.වෝ එක බැගින් වූ බලාගාර 90ක් සඳහා ටෙන්ඩර් ප්‍රකාශයට පත් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරය ප්‍රකාශ කළේ ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.