21 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සෙලින්කෝ ලයිෆ් අයදුම්පත් කැඳවයි

    March, 23, 2022

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ 21 වන ‘ප‍්‍රණාම ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 11 කට අධික ශිෂ්‍යත්ව තරුණ සිසුදරුවන් 160 දෙනෙකු අතර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් සමාගම විසින් මෙවරත් අයදුම්පත් කැඳවා තිබේ.

    මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අධ්‍යාපන කටයුතු වලින් සහ බාහිර ක‍්‍රියාකාරකම් වලින් දක්ෂතා දැක්වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ගෙන් අංශ හතරක් යටතේ අයදුම්පත් කැඳවන බව සමාගම සඳහන් කරයි. මෙම අයදුම්පත් 2022 අපේ‍්‍රල් 30 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි අතර මේ වසරේ ජූලි මාසයේදී ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ප‍්‍රදානය සිදුකිරීමට සැලසුම් කර තිබේ. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ජාතික විභාග කල්යෑම සැලකිල්ලට ගනිමින් මෙවර වැඩසටහන එයට අනුකූලව පැවැත්වීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර ඇත.

    සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් මේ දක්වා රුපියල් මිලියන 167 ක මුදලක් ප‍්‍රදානය කර තිබෙන අතර සිසුන් 2,887 ක් මේ තුළින් ප‍්‍රතිලාභ ලබා ඇත. මෙම නවතම වැඩසටහනද සමඟ සමස්තයක් ලෙස ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් රුපියල් මිලියන 178 ක මුදලක් බෙදාදෙන අතර ඒ තුළින් ප‍්‍රතිලාභ ලැබූ සිසු දරුවන් සංඛ්‍යාව 3,047 දක්වා ඉහළ යනු ඇත.

    මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරු දැරියන් අධ්‍යාපනික වශයෙන් දැක්වූ දස්කම් මෙන්ම බාහිර ක‍්‍රියාකාරකම් වලදී දැක්වූ දස්කම්ද සැලකිල්ලට ගනී. මෙහිදී, පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන්ට හා අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළම ප‍්‍රතිඵල ලබා ගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ලබාදෙන අතර ක‍්‍රීඩාවල සංස්කෘතිය, කලාව, නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමි කරගත් දරු දැරියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව පිරිනැමේ.

    21 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ දරුවන්ට රුපියල් 120,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් වසර පහකදී මාසික වාරික වශයෙන් හිමිවන අතර මෙවැනි ශිෂ්‍යත්ව 25 ක් ලබාදීමට නියමිතය. එසේම, 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී දස්කම් දැක් වූ දරුවන් 25 දෙනෙකුට රුපියල් 84,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් හිමිවන්නේ වසර දෙකකදී මාසික වාරික වශයෙනි. මේ අතර, 2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී තම දිස්ත‍්‍රික්කයෙන් පළමුවැනියා වු දරුවන් 25 දෙනෙකුට සමාගම විසින් රුපියල් 144,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් පිරිනමන අතර එම මුදල වසර තුනකදී මාසික වාරික වශයෙන් ගෙවයි.

    මීට අමතරව, තම දිස්ත‍්‍රික්ක වලින් පළමු ස්ථානය දිනාගත් උසස්පෙළ සිසුන් 25 දෙනෙකුට ටැබ්ලට් පරිගණකයක් බැගින් ලබාදීමටද සමාගම විසින් කටයුතු කරනු ඇත.

    එසේම, උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 75 දෙනෙකුට රුපියල් 30,000 බැගින් එක්වර ශිෂ්‍යත්වයක් ලෙස ලබාදීමටද සමාගම කටයුතු කරයි.

    මීට අමතරව, අවසාන කාණ්ඩය යටතේ 2020 සහ 2021 වසරවල ක‍්‍රීඩා, සෞන්දර්්‍යය, නවෝත්පාදන හෝ නිර්මාණශීලී අංශ යටතේ දස්කම් දැක්වූ දරුවන්ට රුපියල් 35,000 ක් වටිනා කුසලතා සම්මාන 10 ක් පිරිනැමීමද මෙහිදී සිදුවේ.

    ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය  ^SLIM& විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2022 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 16 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2021 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව අටවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත්, 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව ^ICCSL& සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

    සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

     

    සේයාරු සටහන - (ඉහළ) පසුගිය වසරේ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ ප‍්‍රණාම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයේ සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා සහ වැඩසටහනේ නිවේදකයින්. (පහළ) උසස්පෙළ විභාගයේදී තම දිස්ත‍්‍රික්කයෙන් පළමු ස්ථානය දිනාගත් සිසුවියක් සෙලින්කෝ ලයිෆ් සමාගමෙන් ටැබ්ලට් පරිගණකයක් ලබා ගත් ආකාරය.