ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ‘Happiness Carnival’ අතිසාර්ථක වේ

    July, 3, 2018

    ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් විසින් පසුගියදා කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී සංවිධානය කල 'Happiness Carnival' නමැති විනෝද සැණකෙලිය අතිසාර්ථක විය. ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් විසින් රුපියල් බිලියන 6.8ක් ජීවිත රක්‍ෂණ බෝනස් දීමනාව ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙි සතුට බෙදාගැනීම සඳහා මෙම සැණකෙලිය පවත්වන ලදී. 3000ක් පමණ ළමුන් තම දෙමව්පියන් සමග මෙි සඳහා සහභාගි වූහ.

    ආයතන සභාපති හේමක අමරසූරිය මහතා සහ අධ්‍යක්‍ෂ නිලූ විජේදාස, ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන අලුත්ගම සහ ප‍්‍රධාන නිලධාරි - ජීව්ත අංශය සුරේෂ් පරණවිතාන යන මහත්වරුන් විසින් සැණකෙලිය විවෘත කරන ලදී. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ සභාපති අමරසූරිය මහතා කියාසිටියේ මෙම බෝනස් දීමනාව ශී‍්‍ර ලංකා රක්‍ෂණ ඉතිහාසයේ විශාලතම බෝනස් දීමනාව බවයි.

    “මෙම වාර්තාගත තත්ත්වය ලබාගැනීමෙිදී ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් අප විසින්ම 2017 වසරේදී පිහිටවූ වාර්තාව වන රුපියල් බිලියන 6.2 අභිබවා ගියෙමු. අප ආයතනය විසින් අනුගමනය කල විචක්‍ෂණශීලී කලමනාකරණ උපායමාර්ග මෙම තත්ත්වයට හේතු විනි.” ඔහු කීවෙිය.

    විවිධ තරග, ක‍්‍රීඩා හා විනෝද අවස්ථා රැසක් මෙන්ම චිත‍්‍ර සහ නැටුම් තරග, කුසපත් ඇදීම් සහ සංගීත සංදර්ශනයක්ද මෙි සඳහා ඇතුලත් විනිග මාර්ග ආරක්‍ෂාව, රූපලාවන්‍ය යනාදී තේමා යටතේ දේශනද පැවැත්විනි.

    මෙම සැණකෙලිය ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික, පාරිභෝගික නොවන සියල්ලම සඳහා නොමිලේ විවෘත වූ අතර මෙවැනි සැණකෙලි කීපයක්ම දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පැවැත්වීමට ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් බලාපොරොත්තු වෙි.

    ඡායාරූප - 'Happiness Carnival' විනෝද සැණකෙලියේ විවිධ අවස්ථා මෙහි දැක්වෙි