99X Technology කණ්ඩායම ‘ආණ්ඩුකාරවරයාගේ අභියෝග කුසලානය’ ප‍්‍රශ්න විචාරාත්මක තරගයේ කාණ්ඩ ශූරතාව යළිත් දිනාගනී

    March, 21, 2017

    ආනයන/අපනයන කාණ්ඩයේ ජයග‍්‍රහණය සහ සමස්ත තරගයේ තුන්වන ස්ථානය හිමි වේ

    99X Technology කණ්ඩායම 4 වැනි වරටත් පැවති ‘ගෝලීය වාණිජ විශිෂ්ටත්වය සඳහා වන ආණ්ඩුකාරවරයාගේ අභියෝග කුසලානය’ (Governor’s Challenge Cup Quiz for Global Commerce Excellence) ප‍්‍රශ්න විචාරාත්මක තරගයේ කාණ්ඩ ශූරතාව යළිත් දිනාගැනීමට පසුගියදා සමත් විය. එමෙන්ම සමස්ත තරගයේ පිළිවෙළින් සෙලාන් බැංකුවට සහ ඩයලොග් ආසිආටා සමාගමට පසුපසින් තුන්වන ස්ථානය දිනාගැනීමට එම සමාගමට හැකිවූ අතර දෙවැනි ස්ථානය සහ තුන්වැනි ස්ථානය අතර පරතරය පැවතියේ එක් ලකුණක් පමණි.

    Shippers’ Academy of Colombo සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව එක්ව සංවිධානය කළ මෙම තරගය මෙහෙයවන ලද්දේ ජාත්‍යන්තර ප‍්‍රශ්න විචාරාත්මක තරග සංගමයේ ශ‍්‍රී ලාංකික ඒකකය විසිනි. ජාත්‍යන්තර වාණිජ කටයුතු (ව්‍යාපාර, වෙළඳාම්, නැව් සේවා, ගුවන් සේවා, කාර්ය සම්පාදන සේවා, මූල්‍ය, ඉතිහාසය සහ ජනමාධ්‍ය ආදිය) ප‍්‍රමුඛව විවිධ අංශ සම්බන්ධයෙන් තරගකරුවන් සතු දැනුම මෙහිදී පරීක්ෂාවට ලක්කරන ලදි. Shippers’ Academy of Colombo හි වාර්ෂික ඉසව් අතර ප‍්‍රමුඛත්වයෙහි ලා සැලකෙන මෙම ඉසව්වට මෙරට වෙළඳ ක්ෂේත‍්‍රයේ කණ්ඩායම් 30 කට අධික ප‍්‍රමාණයක් සහභාගී විය.