March, 18, 2025
NDB බැංකුව විසින් මාර්තු මස 8 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයේ දී, එම දිනය සමරමින් අරලිය ගිණුම් හිමි කාන්තා ගනුදෙනුකරුවන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බැංකුවේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ දී අරලිය වෛද්‍ය සායනික කඳවුරක් පවත්වන ලදී. කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, යහපැවැත්ම සහ ඔවුන් සඳහා අවශ්‍ය වටිනා මඟ පෙන්වීමේ වැඩසටහන් ආදිය සඳහා කාන්තාවන්ගේ ප්‍රවේශය වැඩි කිරීම මඟින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා බැංකුවේ ඇති කැපවීම අවධාරණය කරමින් මෙවැනි මුලපිරීම් සැලසුම් කර ඇත.
මෙම NDB අරලිය වෛද්‍ය කඳවුරේදී, NDB බැංකුව මූලික කොටගෙන සෞඛ්‍ය සේවා හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් වෛද්‍ය පරීක්ෂණ සහ උපදේශන සේවා රැසක් ලබා දෙන ලදී. නයින්වෙල්ස් රෝහල මඟින් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් ලබා දෙමින් එම අවස්ථාවට සහභාගී වූ අතර එයට සම්පූර්ණ රුධිර ගණන පරීක්ෂාව (FBC), ලිපිඩ පරීක්ෂාව, නිරාහාරව සිට සිදුකරන රුධිරයේ සීනි පරීක්ෂාව, සේරම් යකඩ පරීක්ෂාව, SGPT, UFR පරීක්ෂණ, HbA1C වැනි පරීක්ෂා සහ වෛද්‍ය උපදේශන සේවාව ඇතුළු තවත් සේවා රැසක් ඇතුළත් විය. මෙම පුළුල් පරීක්ෂණ මාලාව මඟින් සහභාගී වූවන්ට ඔවුන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ අතර, රෝගයක් වැළඳීමට ප්‍රථමව එය වළක්වා ගැනීමේ ඇති වටිනාකම පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදි.
මීට අමතරව, Vision Care ආයතනය මඟින් අක්ෂි පරීක්ෂණ සිදු කරන ලද අතර, පෙනීමේ ගැටළු කල්තියා හඳුනා ගැනීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය අක්ෂි පරීක්ෂණ සේවා සපයන ලදී. ෆොන්ටෙරා ආයතනය, ඔවුන්ගේ ඇන්ලීන් නිෂ්පාදන පෙළ හරහා, අස්ථි සෞඛ්‍යය පිළිබඳව සහ වැඩිහිටි පෝෂණ උපදේශන ලබා දුනි. ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් ආයතනය සිය සුදන්ත දන්තාලේප හඳුන්වා දුන් අතර, මුඛ සත්කාර පිළිබඳ දැනුවත් කිරීමේ සැසි සහ නොමිලේ දන්ත පරීක්ෂණ ද සැපයීය. හේමාස් ආයතනය ඔවුන්ගේ කුමාරිකා නිෂ්පාදන මාලාව සමඟින් කේෂ සත්කාර පිළිබඳව දැනුවත් කිරීම්, නිෂ්පාදන සාම්පල බෙදා දීම සහ ජංගම කොණ්ඩා සැලෝන් සේවාවක් ලබා දෙමින් මෙම අවස්ථාවට එක්විය.
සහභාගී වූ කාන්තා ගනුදෙනුකරුවන් අමතමින් NDB බැංකුවේ ආයතනික බැංකුකරණ අංශයේ උප සභාපතිනි ඉෂානි පල්ලියගුරු මහත්මිය විසින් සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් වටිනාකමක් එකතු කළ සේවාවක් සැපයීමේ බැංකුවේ ඉලක්කය අවධාරණය කරමින් පැවසුවේ, ‘‘NDB අරලිය හරහා, අපි සැමවිටම කාන්තාවන්ගේ ඇති විවිධ අවශ්‍යතා සහ අභිලාෂයන් හඳුනාගෙන ඒවා සපුරාලීම අරමුණු කර ගෙන සිටිනවා. ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂාව සහ යහපැවැත්ම සපිරි ජීවිතයක් උදා කරමින්, ජීවිතයේ සෑම අවස්ථාවකදීම කාන්තාවන් නඟා සිටුවීම සඳහා අපගේ ඇති කැපවීම අපි නැවත තහවුරු කරනවා” යනුවෙනි.
කාන්තාවන් සවිබල ගැන්වීම සහ සෞඛ්‍ය සම්පන්න, තෘප්තිමත් ජීවිතයක් ප්‍රවර්ධනය කිරීම මඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා NDB බැංකුව දරන උත්සාහයේ කොටසක් ලෙස අරලිය වෛද්‍ය කඳවුර පවත්වන ලදී. වසර පහක් හෝ ඊට වඩා වැඩි කාලයක් තම බැංකු ගිණුම් පවත්වාගෙන ගිය දිගුකාලීන අරලිය ගිණුම් හිමියන්ට රසායනාගාර පරීක්ෂණ වලට භාජනය වීමේදී බැංකුව විසින් එම ගාස්තු වලින් කොටසක් සඳහා අනුග්‍රාහකත්වයක් දරමින් ඒ සඳහා ලබා දී තිබූ අවස්ථාව තවදුරටත් දීර්ඝ කරන ලදී. වසරක් පුරා වලංගු වන පරිදි තම අරලිය ගනුදෙනුකරුවන්ට මෙම සේවාව ලබාදීම පමණක් නොව ඔවුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සම්පත් ද හිමි වන බව සහතික කිරීම සඳහා බැංකුවේ ඇති කැපවීම පෙන්නුම් කරයි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
Video Story