March, 25, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා පදනම වන eChannelling PLC විසින්, පසුගියදා පැවති Medicare 2025 ප්‍රදර්ශනයේදී AI තාක්ෂණය පදනම් කරගත් සෞඛ්‍ය නවෝත්පාදන කිහිපයක් එළිදක්වන ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනය ලෙස සැලකෙන Medicare ප්‍රදර්ශනයේ 2025 අදියර පසුගිය පෙබරවාරි 28 දින සිට මාර්තු 02 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. eChannelling මෙම ප්‍රදර්ශනයේ නිල ඩිජිටල් සෞඛ්‍ය සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය.
මෙම ප්‍රදර්ශනයේදී eChannelling සමාගම විසින් මුහුණ ස්කෑන් කිරීම මගින් තත්පර කිහිපයක් ඇතුළත සෞඛ්‍ය දත්ත රාශියක් ලබාගත හැකි සුවිශේෂී තාක්ෂණයක් ඇතුළු නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙන ලදී. SLT-MOBITEL සමාගමේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා විසින් මෙම නව නිපැයුම් නිල වශයෙන් ඉදිරිපත් කළ අතර, රටේ සෞඛ්‍ය සේවාවේ දියුණුව උදෙසා AI තාක්ෂණය භාවිතයට ගැනීම සඳහා සමාගම අඛණ්ඩව කැප වී සිටින බව ඒ මහතා එහිදී අවධාරණය කළේය.
ගරු සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද eChannelling සමාගමේ නව Face Scanning තාක්ෂණය දැකබලාගැනීමට එක් විය. මෙම තාක්ෂණය මගින් එක්වරක් මුහුණ ස්කෑන්(Face Scan) කිරීම ඔස්සේ හෘද ස්ඵන්දනය, රුධිර පීඩනය (Systolic සහ Diastolic), Cardiac Stress මට්ටම්, Heart Rate Variability (HRV) සහ ආශ්වාස ප්‍රශ්වාස රටා ඇතුළු බොහෝ තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබේ.
දින තුනක් පුරා පැවති Medicare 2025 ප්‍රදර්ශනය මෙවර පැවැත්වුණේ 14 වන වරටය. මෙම ප්‍රදර්ශනයේදී eChannelling සමාගමේ eHospital Virtual Consultation සහ Smart Ring Health Monitoring ඇතුළු තවත් නව නිපැයුම් කිහිපයක්ද එළිදක්වන ලදී. eHospital Virtual Consultation යනු රෝගීන්ට වීඩියෝ මාධ්‍ය ඔස්සේ තම නිවෙස්වල සිටම ඉතාමත් පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. Smart Ring Health Monitoring යනු සෞඛ්‍ය පළඳනාවක් වන අතර එමගින් දවසේ පැය 24 පුරාම එය පැළඳ සිටින්නාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරනු ලබයි. ඊට අමතරව මෙහිදී eChannelling සමාගමේ ePremium සමාජිකත්ව ක්‍රමය සම්බන්ධයෙන්ද තොරතුරු ඉදිරිපත් කරන ලදී. මෙය සාමාජිකයන්ට ඉහළ තලයේ සෞඛ්‍ය ප්රතිලාභ ලබාදෙන විශේෂ සමාජිකත්ව ක්රමයකි. ප්‍රදර්ශනය අතරතුර eChannelling ප්‍රදර්ශන කුටියට පැමිණි නරඹන්නන්ට විශේෂ ප්‍රශ්න විචාරාත්මක තරගයකට සහභාගී වීමටද අවස්ථාව ලැබුණු අතර එහි ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග මෙන්ම ePremium සාමාජිකත්වයන්ද පිරිනමන ලදී.
eChannelling සමාගම Medicare 2025 ප්‍රදර්ශනයට එක් වීම, මෙරට සෞඛ්‍ය සේවාවට AI තාක්ෂණික හඳුන්වා දීම් සිදුකරන අතරම එම සේවා පොදු ජනතාවට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා සමාගම දරන උත්සාහය සංකේතවත් කළ අවස්ථාවක් විය. මෙම තාක්ෂණයන් හේතුවෙන් ජනතාවට තම නිවෙස්වල සිටම AI ස්කෑන් පරීක්ෂණ සිදුකර ගැනීමට අවස්ථාව හිමි වන අතර, එය දුරස්ථ සෞඛ්‍ය නිරීක්ෂණ සම්බන්ධයෙන් මෙතෙක් පැවති අඩුපාඩුවක් පියවීම සඳහා තබන ලද සාර්ථක ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
දශක දෙකක් පුරා මෙරට ජනතාවගේ ජීවිතවල කැපීපෙනෙන පරිවර්තනයක් සිදුකිරීමට දායක වූ eChannelling PLC මේ වන විට නව හඳුන්වාදීම් ඔස්සේ දියුණුවෙන් දියුණුව කරා පියනගමින් සිටී. නවීනතම තාක්ෂණය හා සේවා ඔස්සේ රටේ ඩිජිටල් සෞඛ්‍ය සේවා සහ ජීවන රටාවන් වැඩිදියුණු කිරීම සමාගමේ ප්‍රධානතම අරමුණ වී තිබේ.
eChannelling PLC සමාගමට පිටුබලය සපයන්නේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමයි. SLT-MOBITEL හි තාක්ෂණය හා සේවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය වැඩිදියුණු කිරීම සහ ඩිජිටල්කරණය කිරීම සඳහා දැනටමත් දැවැන්ත කාර්යභාරයක් ඉටු කර තිබේ.
ඡායාරූපය: ගරු සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් Medicare 2025 ප්‍රදර්ශනයේදී SLT-MOBITEL හි සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලද අවස්ථාව
Video Story