ප්‍රංශ සූපවේදී සර්ජ් චෙනෙට්ගේ L’EXPÉRIENCE FRANÇAISE භෝජන අත්දැකීම මැයි 16 සිට 18 දක්වා ගෝල්ෆේස් හෝටලයේ දි

    May, 16, 2025

    සුප්‍රසිද්ධ ගෝල්ෆේස් හෝටලයේ නාමය ලොවට ගෙන ගිය තවත් එක් අංගයක් වන 1864 Limited Edition අවන්හල, මැයි 16 සිට 18 දක්වා, Michelin-Stars දිනූ ප්‍රවීන ප්‍රංශ සූපවේදී සර්ජ් චෙනෙට් විසින් මෙහෙයවනු ලබන L’EXPÉRIENCE FRANÇAISE නමින් à la carte භෝජන අත්දැකීමක් සංවිධානය කර තිබේ.

    ප්‍රංශ ආහාර කලාවේ කීර්තිමත් චරිතයක් ලෙස සැලකෙන සූපවේදී සර්ජ් චෙනෙට් දශක පහකට අධික කාලයක් පුරාවට විහිදී යන සූපශාස්ත්‍රීය උරුමයක් රැගෙන කොළඹට පැමිණෙයි. ප්‍රංශයේ රීම්ස් ප්‍රදේශයෙන් ආරම්භ වූ ඔහුගේ සූපවේදී ගමන, පසුව ජොයෙල් රොබුචොන්, ජෝර්ජස් බ්ලැන්ක් සහ මයිකල් රොස්ටැං වැනි ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ සූපවේදීන් යටතේ සූපවේදය හැදෑරීමට හැකියාව ලැබිණි. කාලයත් සමග, දකුණු ප්‍රංශයේ පවුලක් විසින් පවත්වාගෙන ගිය Château de Rochegude සහ Entre Vigne et Garrigue යන ආයතන, ඔහු යටතේ  Michelin-Stars ප්‍රමිතිකරණය උපයා ගැනීමට හැකි ආයතන බවට පත්විය. 1993 දී ඔහු ශිල්පීය විශිෂ්ටත්වය සඳහා වන ජාතික පිළිගැනීම Meilleur Ouvrier de France සම්මානයෙන් පිදුම් ලැබීය.

    මෙම අවස්ථාව සැන්දෑවන් තුනකට පමණක් සීමා වන බැවින්, සූපවේදය වෙනුවෙන් තම ජීවිතයම කැපකළ ප්‍රවීන සූපවේදියෙකු විසින් සකසනු ලබන, නවීන ප්‍රංශ ආහාරවල විචිත්‍රත්වය, විවිධත්වය සහ හැඟීම් ඉස්මතු කරනා සුවිශේෂී මෙනුවක රස විඳගැනීමට 1864 Limited Edition අවන්හල අමුත්තන්ට ආරාධනා කරයි.  මෙම සෑම ආහාරයක් ම කාලික අමුද්‍රව්‍ය (Seasonal ingredients), සියුම් තාක්‍ෂණය මෙන්ම ප්‍රංශ ආහාර මේසයේ දැකිය හැකි සම්ප්‍රදායන් කෙරෙහි ගැඹුරු අධ්‍යයනයක් සහිතව කොළඹ කීර්තිමත් භෝජන අත්දැකීමක් ලබාගත හැකි ස්ථානයක සිට සැලසුම් කොට පිරිනමනු ලැබේ.

    සූපවේදී චෙනෙට්ගේ සංචාරය, 1864 Limited Edition අවන්හල ලෝක මට්ටමේ සූපශාස්ත්‍ර අත්දැකීම් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා වන අඛණ්ඩ කැපවීමේ කොටසක් වන අතරම, ගෝලීය විශිෂ්ටත්වය සමරමින් ආහාර කලාවේ වෙනසකට නව අවස්ථා නිර්මාණය කිරීමක් ද වේ.

    අවස්ථා සීමිත බැවින් වෙන්කරවා ගැනීම් සිදුකිරීම සුදුසු බව නිර්දේශ කෙරේ. විමසීම් සහ වෙන්කරවා ගැනීම් සඳහා අමතන්න: +94 74 260 1641