July, 14, 2016
Believers in Glass ව්‍යාපාරය සහ පිරමල් ග්ලාස් සිලෝන් ලිමිටඩ් හා එක්ව වාහනවල පානීය ජලය තබාගැනීම සඳහා නොමිලේ වීදුරු බෝතල් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹයි. මේ යටතේ තෝරාගත් IOC ඉන්ධන පිරවුම්හල් කිහිපයක් මඟින් ජුලි මස 2 වනදා සිට මෙම වීදුරු ජල බෝතල් බෙදාහැරීමට නියමිතව තිබේ.“ විෂ සහිත ජලය පානය කර රිය පැදවීමෙන් වළකිමු“ යන තේමාවයටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක බවත් දීර්ඝ කාලයක් ප්ලාස්ටික් බෝතල් වල ජලය පානය කිරීම එහි ඇතිවන රසායනික ද්‍රව්‍ය සිරුරට අහිතකර බවත්, එබැවින් පානීය ජලය සඳහා වීදුරු බෝතල් භාවිත කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් පිරමල් ග්ලාස් සිලෝන් ලිමිටඩ් හි කළමණාකාර අධ්‍යක්ෂ සන්ජේ තිවාරි මහතා පෙන්වා දෙයි.
- ජාත්‍යන්තර දත්ත සමීක්ෂන වාර්තාවලට අනුව ප්ලාස්ටික් බෝතල් තුල අසුරන පානීය ජලයෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත ප්‍රමාණය මෙන් 27% ක් ඉහළ බ්‍රෝමේට් සාන්ද්‍රණයක් ඇතුළත් වනවා මෙන්ම (නිර්දේශීත ප්‍රමාණය ලීටරයක් සඳහා මිලිග්රෑම් 4 ක උපරිමයකි) ක්ලෝරයිට් සහ ක්ලොරේඩ් බහුලව අන්තර්ගත වෙයි.
-තවත් සමීක්ෂණයකට අනුව ප්ලාස්ටික් තුළ ද්‍රව රැස්කර තැබීමේදී ඇන්මනි වැනි පදාර්ථයන් තුළින් එම ද්‍රවය තුළ කැඩ්මියම් වැනි රසායනිකයන් ඇතිවීමේ තත්වයක් පවතී.
-මෙම විෂ රසායනිකයන් ප්‍රතිශක්තීකරණයට, හොමෝන විසංතුලනයට, හිසකෙස් ගැලවී යාමට, ළමුන්ට ඇදුම වැනි රෝග තත්වයන් ඇති කිරීමට මෙන්ම දියවැඩියාව, අධ්‍යතිතිය, අගන්‍යාශ ආබාධ, වකුගඩු සහ අක්මාව ආශ්‍රිත රෝග පමණක් නොව පිළකා වැනි තත්වයන් ඇතිකල හැකිය.
-BPA විසින් මෙහයවූ නව සමීක්ෂණයට අනුව ප්ලාස්ටික් බෝතල් වල ජලය තුළ නිපදවෙන රසායනිකය මඟින් ගබ්සාවන් සිදුවීමේ අවධානමක් ද පවතියි.ඇන්ටිමනි නම් රසායනිකය නිසා හෘදය ආශ්‍රිත ආබාධයන් වර්ධනය විය හැකි අතර කැඩ්මියම් වැනි රසායනිකයන් නිසා ශ්වසන ආබාධ උත්සන්න වීමේ අවධානමක් පවතී.
ඉහත තැක්වූ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ වීදුරු බෝතල් තුළ ඇසුරුම් කළ පානීය ජලය භාවිතය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍ය බවයි.
වීදුරු බෝතල් භාවිත කිරීමේ වාසි රැසක් අත්වන බව Believers in Glass ව්‍යාපාරය පෙන්වා දෙයි.
- ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් වීදුරු නිෂ්පාදනය කර තිබීම නිසා වීදුරු බෝතල් තුළ විෂ රසායනික තත්වයන් කිසිවක් ඇති නොවීම. වීදුරු මඟින් ජලය උරා නොගන්නා නිසා සහ වීදුරු තුළින් කිසිදු ද්‍රව්‍යයක්ගමන් නොකරන නිසා කිසිදු අමතර ද්‍රව්‍යයක් ජලයට මුසු නොවීම.
-අවට පරිසරයේ පවතින උෂ්ණාධික තත්වය සහ සිසිලස වීදුරු බෝතල් තුළ අසුරා ඇති ද්‍රව්‍යයන් කෙරහි බලපෑම් නොකිරීම නිසා නිරතුරුවම නැවුම් ජලය පානය කිරීමට අවස්ථාව හිමිවීම.
-සුවඳ , රසය සහ නැවුම් බව ආරක්ෂා කිරීමේ සුවිශේෂී හැකියාවක් වීදුරු සතුවන නිසා එහි අන්තර්ගතයේ ගුණාත්මක ස්වභාවයට කිසිදු බලපෑමක් ඇති නොවීම.
සෞඛ්‍යමය වටිනාකම අතින් මෙන්ම පාරිසරික වටිනාකම අතින්ද ප්ලාස්ටික් වලට වඩා වීදුරු බෝත්ල් භාවිතයට හුරු වීම වැදගත් වෙයි.
ලොව පුරා දෛනිකව ඉවත දමන ප්ලාස්ටික් බොතල් වලින් ප්‍රතිචක්‍රියකරණය කෙරෙන්නේ 5න් එකක් පමණක් බවත් ඉතිරියෙන් කොටසක් පරිසරයට අහිතකර ලෙස පුළුස්සා දමන් බවත් හෙළිවී තිබේ.
සාමාන්‍ය යෙන් ප්ලාස්ටික් බෝතලයක් ස්වාභාවිකම දිරාපත් වීමට වසර 700 කට අධික කාලයක් ගතවෙයි.
අනිත් අතර වීදුරු බෝතල් භාවිතයේදී එකක් ඉවත දමා නැවත වෙනත් බෝතලයක් ලබාගැනීම ගැටළුවක් නොවන්නේ වීදුරු බෝතල් 100%ක්ම ප්‍රතිචක්‍රියකරනය කළ හැකි නිසාය. මෙලෙසප්‍රතිචක්‍රියකරණය කෙරෙන සෑම වීදුරු බෝතල් ටොන් එකකින්ම අළුතින් වීදුරු බෝතල් නිපදවීම සඳහා යොදාගත යුතු ස්වාභාවික අමුද්‍රව්‍ය ටොන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට ද හැකිවෙයි. මේ නිසා නිරතුරුවම වීදුරු බෝතල් භාවිත කිරීම වාඩ පරිසර හිතකාමී කටයුත්තක් බව තවදුරටත් තහවුරු වෙයි.
ඉහත හේතු සාධක පදනම් කරගනිමින් Believers in Glass ව්‍යාපාරය පසුගියදා ආරම්භ වූ අතර එම ව්‍යාපාරය මඟින් ඇසුරුම් කරණය සඳහා වීදුරු භාවිත කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
පිරමල් ග්ලාස් ලිමිටඩ් හි සමාජ සේවා ව්‍යාපෘතිය ද මෙම ක්‍රියාකාරකම් සඳහා සහය දක්වන අතර මෙහි ප්‍රධානතම ක්‍රියාවලිය වන්නේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි භාවිත කරන ලද වීදුරු එක්රැස් කිරීමේ ව්‍යාපෘතියයි.ඒවා එක්රැස් කර ප්‍රතිචක්‍රියකරනය කිරීමේ වැඉසටහනක් මේ වන විට අරමා ඇති අතර මෙමඟින් ස්වාභාවික සම්පත් රැසක් ආරක්ෂා වීම සිදුවෙයි. මේ වනවිටත් පිරමල් ග්ලාස් ලිමිටඩ් විසින් භාවිත කරන ලද වීදුරු ඒක්රැස් කිරීමේ මධ්‍යස්ථාන දිවයින පුරා ප්‍රාදේශිය ලේක්ම් කාර්යාල මට්ටමින් ආරම්භ කර ඇති අතර ගෘහාශ්‍රිත.ව හෝ ආයතන ආශ්‍රිතව ඉවතලන වීදුරුබෝතල් එම මධ්‍යස්ථාන වෙත ගෙවිත් භාරදීමේ හැකියාව පවතී.
ශ්‍රී ලංකා ප්‍රතිචක්‍රිකරණය කරන්නන්ගේ සංගමය නැමති සංවිධානය පිහිටුවමින් ඊට ප්‍රධානත්වය ගෙන ඇත්තේද පිරමල් ග්ලාස් ලිමිටඩ් ආයතනයයි.
සමාජය සහ පරිසරය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් ඉහත ව්‍යාපාරය සඳහා පිරමල් ග්ලාස් ලිමිටඩ් සිය පූර්ණ සහයෝගය ලබා දෙන අතර පරිසරය සුරුකීමේ වැදගත් කම සහ සෟඛ්‍ය සම්පන්නව ජීවත්වීමේ සමාජයීය අවශ්‍යතාව තහවුරු කර දෙමින්, ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමටත් මෙම සාමූහිකත්වයට හැකිවී තිබේ.මෙම නව වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ එහි පියවරක් වශයෙනි.
Video Story