කොමර්ෂල් බැංකුවේ ATM ජාලය EMV තාක්ෂණයෙන් සවිබල ගැන්වූ මෙරට පළමු ටෙලර් යන්ත‍්‍ර ජාලය බවට පත්වෙයි

    July, 17, 2016

    ස්මාර්ට් කාඞ්පත් භාවිතා කිරීමේදී ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති EMV තාක්ෂණයෙන් ශ‍්‍රී ලංකාවේ පිහිටි තම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය (ATM) සවිබල ගැන්වීමේ කටයුතු සම්පූර්ණ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම තාක්ෂණික සවිබල ගැන්වීමත් සමග කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලයේ තිබෙන සුරක්ෂිතභාවය තවදුරටත් වර්ධනය වී තිබෙන අතර මෙම ජාලය මගින් පිළිගන්නා විවිධ කාඞ්පත් සන්නාමයන්ගේ ආරක්ෂිත අවශ්‍යතාවයන් සමග ඒකාබද්ධ වීමටද මේ මගින් කටයුතු කර ඇත.

    බැංකුව සතුව මෙරට තිබෙන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 630 ක ජාලයේ ඕනෑම යන්ත‍්‍රයක් දැන් ඉන්ටගේ‍්‍රටඞ් සර්කිට් IC සහිත ‘ස්මාර්ට් කාඞ් ඬේටා’ ගන්නා බව බැංකුව සඳහන් කරයි.

    චිප් කාඞ්පත් යනුවෙන්ද හඳුන්වන මෙම ස්මාර්ට් කාඞ්පත් වංචා සහගතව නිර්මාණය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් නිසා මේවායේ තිබෙන ආරක්ෂාව ඉතාමත් ඉහළ තලයක පවතී. බැංකුවක ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලයක් මෙවැනි ස්මාර්ට් කාඞ්පත් පිළිගැනීමට සම්පූර්ණයෙන්ම සූදානම් වූ විට වංචා සහගත කාඞ්පත් මාර්ගයෙන් වංචාවන් කිරීමට ජාවාරම් කරුවන්ට නොහැකි වේ. මෙවැනි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලයක් තුළින් යම් වංචාවන් සිදුවුවහොත් එහි වගකීම කාඞ්පත නිකුත් කරනු ලබන බැංකුව විසින් භාරගත යුතුයැයි තීරණය කර තිබේ.

    ‘‘ශ‍්‍රී ලංකාවේ තනි බැංකුවක් සතුව තිබෙන විශාලතම ස්වයංක‍්‍රීය මුදල් නිකුත් කිරීමේ පහසුකම ලෙස කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර ජාලය අඛණ්ඩවම වැඩි දියුණු කිරීමට අපි පියවර ගන්නවා. මේ තුළින් බලාපොරොත්තු වන්නේ කාඞ්පත් හිමියන්ගේ ගනුදෙනුවල ආරක්ෂාවත් ඔවුන් අත් විඳින පහසුවත් වර්ධනය කිරීමයිල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී, ක‍්‍රිෂාන් ගමගේ මහතා සඳහන් කළේය. ‘‘අපගේ ටෙලර් යන්ත‍්‍ර ජාලය EMV තාක්ෂණයට පරිවර්තනය කිරීම අපගේ කැපවීම පෙන්වන්නක් ලෙස සඳහන් කළ හැකියි.’’

    ශ‍්‍රී ලංකාවේ තනි බැංකුවක් සතු විශාලතම ස්වයංක‍්‍රීය මුදල් නිකුත් කිරීමේ පහසුකම ලෙස සැලකෙන්නේ කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලයයි. කොමර්ෂල් බැංකුවේ සාමාන්‍යය ATM කාඞ් සහ ෂොපිං ඩෙබිට් කාඞ් හිමියන් හට එක්වර රුපියල් 40ල000ක් දක්වා මුදල් ආපසු ලබාගත හැක. ගනුදෙනුකරුවන්ට මුදල් ආපසු ලබා ගැනීමේ දෛනික සීමාව රුපියල් ලක්‍ෂය දක්වාද කාඞ්පත් මගින් භාණ්ඩ හා සේවා සෘජුව ලබා ගැනීමේ සීමාව රුපියල් ලක්‍ෂ පහ දක්වාද ඉහළ නංවන්නට බැංකුවෙන් ඉල්ලූම් කළ හැක.

    කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය මෙරට ජන ජීවිතයට ඉහළ සහයෝගයක් ලබාදෙන අතර එමගින් සාමාන්‍ය දිනකදී රුපියල් බිලියන 1.136 ක පමණ සාමාන්‍ය මුදලක් ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරන අතර උත්සව සමයන්හිදී මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් කැපී පෙනෙන වාර්තා තැබීමටද සමත්වී තිබේ. උදාහරණයක් ලෙස 2016 අපේ‍්‍රල් 01 වනදා සිට 14 වනදා දක්වා මෙම ජාලය මගින් නිකුත් කළ මුදල ප‍්‍රමාණය රුපියල් බිලියන 21.54 කි. මෙයින් පෙනෙන්නේ මෙම ජාලය සතු ඉහළ ධාරිතාවය සහ විශ්වසනීයත්වයයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම පස් වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුවයි. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටී. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට පසුගියදා බලපත‍්‍රයක් හිමිවිය.