July, 20, 2016
2016 පළමු කාර්තුව තුළ දී ලෝක රත්‍රං ඉල්ලුම ටොන් 1,290 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පෙර වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 21% ක ඉහළ යාමකි. මේ සම්බන්ධයෙන් ලෝක රන් කවුන්සිලය නවතම වාර්තාවක් සකසා තිබෙන අතර පහත සඳහන් අනාවරණයන් එහිදී ප්‍රකාශයට පත් කර ඇත.
• 2015 පළමු කාර්තුවේ දී රන් සඳහා වූ ගෝලීය ඉල්ලුම ටොන් 1,070 ක්වූ අතර 2016 පළමු කාර්තුවේ දී එය ටොන් 1,290 දක්වා 21% කින් ඉහළ ගොස් ඇත.
• කෙසේ වෙතත් රන් සඳහා වන සමස්ත පාරිභෝගික ඉල්ලුම ටොන් 849 සිට ටොන් 736 දක්වා 13% කින් පහළ ගොස් තිබේ.
• රන් සඳහා වන ගෝලීය ආයෝජන ඉල්ලුම ටොන් 278 සිට ටොන් 736 දක්වා 122% කින් වර්ධනය වී ඇත.
• ගෝලීය රන් ආභරණ ඉල්ලුම ටොන් 597 සිට ටොන් 482 දක්වා 19% කින් පහළ ගොස් තිබේ.
• මහ බැංකු ඉල්ලුම ටොන් 112 සිට ටොන් 109 දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇත.
• තාක්ෂණික අංශයේ ඉල්ලුම 2016 පළමු කාර්තුවේ දී ටොන් 81 දක්වා 3% කින් පහළ ගොස් තිබේ.
• ගෝලීය සැපයුම 2016 පළමු කාර්තුවේ දී ටොන් 1,081 සිට ටොන් 1,135 දක්වා 5% දක්වා 5% කින් ඉහළ ගොස් ඇත.
• රන් කැණීම් සැපයුම ටොන් 774 දක්වා 8% කින් වර්ධනය වී තිබේ.
පහළ දැක්වෙන්නේ ගෝලීය රන් හිමිකම බෙදී ගොස් ඇති ආකාරයයි. ඊට අනුව ගෝලීය රන්වලින් 24% ක අයිතිය ඇමරිකා එක්සත් ජනපදය සතුවේ. ඊට අමතරව ජර්මනිය 10% ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 8.5% ක්, ප්‍රංශය 7.4% ක්, චීනය 5.5% ක් ලෙසින් ලොව ඉහළම රත්‍රං හිමිකාරීත්වයක් දරනු ලබන රටවල් සහ ආයතන බවට පත් වී ඇත.
ඊට අනුව ගෝලීය රත්‍රං හිමිකමෙන් 88% ක අයිතිය රටවල් හා ආයතන 20කට පමණක් සීමා වී තිබේ.
Video Story