NDB බැංකුව හැව්ලොක් ටවුන් ශාඛාවේ ප‍්‍රිවිලෙජ් බැංකුකරණ මධ්‍යස්ථානය උත්සවශ‍්‍රීයෙන් විවෘත කරයි

    August, 26, 2025

    සිය පාරිභෝගිකයන් සඳහා විශිෂ්ටත්වය සහ නවීනත්වය පිරි නවමු අත්දැකීම් ලබා දීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස, හැව්ලොක් ටවුන් ශාඛාවේ නවීකරණය කරන ලද NDB ප‍්‍රිවිලේජ් බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව, NDB බැංකුව පසුගිය දිනෙක එහි ප‍්‍රිවිලේජ් බැංකුකරණ ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී උත්සවයක් පැවැත්වීය. සේවා ප‍්‍රමිතීන් ඉහළ නැංවීමේ සහ බැංකුවේ ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ගනුදෙනුකරුවන් සඳහා, එක් එක් ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම සැකසුණු බැංකුකරණ පරිසරයන් ලබා දීමේ බැංකුවේ ගමන්මෙඟ් තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම උත්සවය පැවැත්විණි.

    අලූතින් වැඩිදියුණු කරන ලද ප‍්‍රිවිලෙජ් බැංකුකරණ මධ්‍යස්ථානය, බැංකුවේ ඉහළ ගනුදෙනු වටිනාකම් සහිත සේවාදායකයින්ගේ විකාශනය වන අපේක්ෂාවන් වෙනුවෙන් සේවා සැලසීම සඳහා නිර්මාණය කර ඇති අතර, අවධානය යොමු වූ මූල්‍ය උපදේශන සහ පෞද්ගලික බැංකුකරණ විසඳුම් සඳහා සකස් කරන ලද පරිසරයක් තුළ වැඩි පෞද්ගලිකත්වයක්, සුවපහසුවක් සහ පහසුවක් ලබා දෙයි. මෙම මුලපිරීම තම සේවාදායකයින්ගේ ජීවන රටාවන් සහ අභිලාෂයන් සමඟ සමපාත වන යටිතල පහසුකම් සහ අත්දැකීම් ලබාදීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමට NDB බැංකුව කැපවී සිටියි.
    මෙම සුවිශේෂී අවස්ථාව සඳහා බැංකුවේ ප‍්‍රිවිලෙජ් බැංකුකරණ අංශයේ තෝරාගත් සාමාජිකයින් පිරිසක් එක්රැස් වූ අතර, බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමඟ අලංකාර වටපිටාවක වැඩිදියුණු කළ අවකාශය නිරීක්ෂණය කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලදී. මෙම උත්සව අවස්ථාව ප‍්‍රිවිලෙජ් බැංකුකරණ මධ්‍යස්ථානය නැවත විවෘත කිරීම සැමරීමක් පමණක් නොව, එහි වටිනා ගනුදෙනුකරුවන් සමඟ වටිනා සබඳතා වර්ධනය කිරීම සඳහා NDB බැංකුවේ කැපවීම නැවත තහවුරු කිරීමක් ද විය.

    මෙම අවස්ථාවට එක්වෙමින් NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කලේ ‘NDB බැංකුවේ අපගේ ප‍්‍රිවිලෙජ් බැංකුකරණ සේවාව අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හොඳින් අවබෝධ කර ගනිමින් සහ ඔවුන්ගේ අපේක්ෂාවන්ට ගැළපෙන ලෙස සකසා ඇත. හැව්ලොක් ටවුන් හි නව ප‍්‍රිවිලෙජ් බැංකුකරණ මධ්‍යස්ථානය හුදු බැංකු ශාඛාවකින් ඔබ්බට යමින් එය අප ආරක්ෂා කරන ප‍්‍රමිතීන් සහ අප පොරොන්දු වන අත්දැකීම් ලඟාකර දීම පිළිබඳ සහතිකයකි. මෙම උත්සවය අපගේ ගනුදෙනුකරුවන්ගේ විවිධ අපේක්ෂාවන්ට අනුකූලව අඛණ්ඩව හැඩගැසෙමින් එම සේවාවන් ලබාදීම වෙනුවෙන් අපගේ ඇති කැපවීම සනිටුහන් කරයි.’ ලෙසයි.

    NDB ප‍්‍රිවිලේජ් බැංකුකරණය ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම නිර්මාණය වූ මූල්‍ය සේවාවේ මිණුම් ලකුණක් ලෙස අඛණ්ඩව රැඳී සිටින අතර, විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන බැංකුකරණය, ආයෝජන සහ ජීවන රටාවට ගැළපෙන ප‍්‍රතිලාභ රැසක් ලබා දෙයි. සේවා සැපයීම, සම්බන්ධතා කළමනාකරණය සහ පාරිභෝගික සහභාගීත්වය අඛණ්ඩව වැඩිදියුණු කිරීම තුළින්, වැදගත් වන සෑම මොහොතකම NDB බැංකුව විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවී සිටියි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.