Huawei වෙතින් මිලියන 60.56 ක ස්මාර්ට්ෆෝන් අපනයනයක්

    July, 29, 2016

    2016 වසරේ පළමු කාර්තුවේදී 41% ක වර්ධනයක්

    Huawei පාරිභෝගික වෙළඳ සමූහය 2016 වසරේ H1 හි සිය ව්‍යාපාරික ප්‍රතිඵල වාර්තා කරයි. ඒ අනුව 2016 වසරේ පළමු කාර්තුවේදී 41% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.එය යුවාන් බිලියන 77.4ක වසරින් වසර වර්ධනයකි. මිලියන 60.56 ක ස්මාර්ට්ෆෝන් අපනයනයෙන් වසරින් වසර ආදායම 25% කින් ඉහළ දමා ගැනීමට Huawei Consumer Business Group සමත්ව තිබේ. IDC වාර්තා වලට 2016 වසරේ මුල් කාර්තුව තුළ අනුව ලෝක ස්මාර්ට් ෆෝන් වෙළඳ පල තුල Huawei ස්මාර්ට් ෆෝන් අපනයනය කිරීම 3.1% කින් වර්ධනය වී තිබේ.

    Huawei පාරිභෝගික වෙළඳ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් යූ මහතා සඳහන් කළේ ඉහල පරාසයේ ස්මාර්ට්ෆෝන් වෙලඳ පල තුල කැපී පෙනෙන වර්ධනයක් යුරෝපය මෙන්ම නැගී එන වෙලඳ පලක් ඇති උතුරු ඇමෙරිකාව, මධ්‍යම ආසියාව, සහ ලතින් ඇමෙරිකානු රටවල් වලින් දක්නට ලැබුන බවයි.

    ඉතා හොඳ තරඟකාරී ස්මාර්ට් ෆෝන් වෙළඳ පලට හඳුන්වා දීම තුළින් කැපී පෙනෙන යහපත් වර්ධනයක් හිමි කර ගැනීමට හැකිවූ බවත්, දිගු කාලීන කැපවීම , නව්‍ය සොයාගැනීම්, පූර්වාපේක්ෂණ, පාරිභෝගික රැල්ල සහ දේශීය මෙන්ම විදේශීය වෙලඳ පළ ඉලක්ක කර ගත් ද්විත්ව ප්‍රතිපත්තිය යනාදි කරුණු නිසා Huawei ඉතා කෙටි කාලයක් තුළ සාර්තකත්වයට පත්වූ බවත් හෙතෙම සඳහන් කරයි. අනාගතය දෙස බැලූ කල ක්ෂේත්‍රයේ සහකරුවන් හා කටයුතු කරමින් විශිෂ්ට මට්ටමේ සේවාවාක් පාරිභෝගිකයා වෙත ලබාදීමට අපේක්ෂා කරන බවත්, තාක්ෂණය, අනර්ඝත්වය සහ විලාසිතාව හා බැඳුන් නව්‍ය නිපැයුම් පෙලක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් හෙතෙම කීය.

    Huawei වර්තමානයේ ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙලඳ පලෙහි දෙවන ස්ථානය හිමි කරගෙන සිටියි. ඉදිරි වෙළඳ කාර්තු කිහිපය තුළ Huawei අංක එක දක්වා පැමිණෙනු ඇතැයි අපේක්ෂිතය. Huawei බෙදාහරිනු ලබන්නේ මෙරට අංක එකේ වෙළද නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම විසිනි. 2016 වසර අවසන් වන විට පසුගිය වසරට සාපේක්ෂව ඉලක්ක රැසක් සපුරා ගැනීම Huawei හි අපේක්ෂාවයි. GFKහි නවතම වාර්තා වලට අනුව 2016 පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාවේ අංක දෙකේ ස්මාර්ට් ෆෝනය වන Huawei ඉතා වේගවත් වර්ධනයක් අරඹා තිබේ.

    2016 වසරේ BrandZTM විසින් ලොව වටිනාතම වෙළඳ නාම 100 අතරට Huawei එක් කර තිබේ. Huawei හි ඇමරිකානු ඩොලර් මිලියන 18 652 ක අගය මඟින් පෙන්නුම් කර ඇත්තේ වසර 2015 සිට 2016 දක්වා එම වාර්තා අතර 70 වන ස්ථානයේ සිට 50 වන ස්ථානය කරා පැමිණීමයි.

    Huawei වෙළඳ නාමයක් ලෙස ඉතා ඉහල මට්ටමමක සිටින අතර ස්මාර්ට්ෆෝන්, පැළඳුම් උපකරණ,ස්මාර්ට් හෝම්, සහ ක්ලවුඩ් වෙළඳ පළේ ප්‍රමුඛ සේවා සැපයුම්කරුවෙකි. ලොව ප්‍රමුඛ නිපැයුම් පෙලක් සමඟින් Huawei සිය පාරිභෝගිකයින්ගේ ජීවිත බුද්ධිමත් ලෙස ගතකිරීම පහසු කරවයි.