October, 8, 2025
ලෝක රන්මිල ඉතිහාසයේ ප්රථම වරට ඩොලර් 4000 සීමාව පසු කිරීමට සමත් වී ඇත.
එලෙස ලෝක රන්මිල ඉහල යාමත් සමග අද (08) උදෑසන වන විට මෙරට රන් මිල ද ඊයේ දිනයට සාපේක්ෂව රු. 6000/= ඉහළට ගොස් ඇති බවට වාර්තා වෙයි.
ඒ අනුව මෙරට කැරට් 24 රත්රං පවුමක මිල දැක්වෙනුයේ රු. 322,000ක් ලෙසයි.
මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 296,000 ක් ලෙසින් ද නියම වී ඇත.

Video Story