October, 8, 2025
කාන්තා කළමනාකරණ ආයතනය විසින් සංවිධාන කරන ලද "ක්ෂුදු, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායක - 2025" සම්මාන උලෙළ ඊයේ (07) කොළඹ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එක්විය. මීට අමතරව තවත් ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී මෙරට ජාතික මට්ටමේ සහ අපනයන මට්ටමේ ව්‍යවසායිකාවන් තෝරාගෙන ඔවුන් ඇගයීමට ලක් කෙරුණු අතර දිවයිනේ පළාත් 09ම ආවරණය පරිදි සම්මානලාභී ව්‍යවසායිකාවන් තෝරාගෙන සම්මාන 40ක් ප්‍රදානය කිරීම ද සිදුවිය.
එහි දී පැමිණ සිටි පිරිස අමතමින් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසා සිටියේ මෙරට ඉතා දුෂ්කරම ව්‍යවසායකත්ව කළමනාකරණ හැකියාව ඇත්තේ කාන්තාවන් තුළ බවයි.
" මම යන්නේ ව්‍යවසායකත්වයේ වෙනස් ගමන් මඟක. ඒකට කියන්නේ ව්‍යවසායකත්ව දේශපාලනය. එහිදී අප සොයා බලන්න පුළුවන් අපගේ ව්‍යවසායකත්ව ජීව ගුණය කොතෙක් දුරට දේශපාලනයට යොදා ගන්න පුළුවන්ද කියන එක. වසර දෙකකට පමණ පෙර මම දේශපාලනයට පිවිසෙද්දී මම ආවේ “අපි ව්‍යවසායකත්ව රාජ්‍යයක් බිහිකළ යුතුය“ යන තේමාවත් එක්ක. මම ව්‍යවසායකත්වයේ අර්ථ දැක්වීම සියල්ලන් ඇතුළත් කළ හැකි පරිදි හැකිතාක් පුළුල් කිරීමට උත්සාහ කරනවා. තාක්ෂණික වශයෙන් එයයි ව්‍යවසායක්ත්වයේ නියම අර්ථ දැක්වීම. ව්‍යවසායකත්වය කියන්නේ කිසියම් අරමුණක් වෙනුවෙන් නිර්මාණශීලිත්වය භාවිත කිරීම සහ අභියෝග හා අවදානම් කළමනාකරණය කිරීම. මම කිවයුතු කරුණක් තමයි කාන්තා ව්‍යවසායකයින් සැලකූ විට ශ්‍රී ලංකාවේ මිලියන 07ක් කාන්තා ව්‍යවසායකයින් සිටින බව. ඔවුන් තමයි ශ්‍රී ලංකාවේ මව්වරුන්. ඔවුන් පවත්වාගෙන යන්නේ වඩාත් දුෂ්කරතම ව්‍යවසායකත්වයයි. ඒ තමයි ගෘහය පාලනය. ඔවුන් දැඩි දුෂ්කරතාවන් මධ්‍යයේ සම්පත් කළමනාකරණය කරනවා. ඔවුන් එදිනෙදා තීරණ ගැනීමේදී නිර්මාණශීලිත්වය උපයෝගී කරගන්නවා. ඔවුන් අභියෝගවලට මුහුණදෙන්නේ දැඩි ශක්තියකින්. ඔවුන් තමයි ව්‍යවසායක කාන්තාවන්. එයින් පෙන්නුම් කරනවා අපේ කාන්තාවන් තුළ කොතරම් ව්‍යවසායකත්ව ගුණාංග තිබෙනවාද කියන එක. අවංකව කිව්වොත් ඔවුන් තමයි සතුටින් පිරුණු නිවසක් කළමනාකරණය කරන්නේ. ඔවුන් මුහුණදෙන අභියෝග අතර ළමයින් හදාවඩා ගැනීම, පවුලට අමතර ආදායමක් එක්කිරීම වැනි දේ තිබෙනවා. ඔවුන් එය මනාව ඉටු කරනවා. ඔවුන් ගෘහස්ථ මට්ටමින් විශාල මුදල් ඉතිරියක් සිදුකරනවා. නමුත් ඒ අතරතුර ඔවුන්ගේ පියවරට ප්‍රශංසා කරන අතරම ඔවුන්ට තවත් බොහෝ දෑ කළ හැකි බව පැවසිය යුතුයි. මෙහි සඳහන් කළ ආකාරයට අප ඔවුන්ට ඒ දිරිය ලබාදීම, අපේ දැනුම හුවමාරු කර ගැනීම, අපේ නිර්මාණශීලිත්වයේ දායකත්වය ඇතුළු සියලු ආකාරයේ සහාය ලබාදිය යුතු වනවා. අවසාන වශයෙන් කිව යුත්තේ කාන්තා ව්‍යවසායකත්වය කියා දෙයක් නැති බව. එය ව්‍යවසායකත්වය පමණයි. එය ව්‍යවසායකත්වය පමණක් වූ විට අප සැම සමානයි. ඔබ සමාන ලෙස හොඳ ව්‍යවසායකයෙක් හෝ වඩාත් විශිෂ්ට අය විය හැකියි. "
Video Story