BB Energy Asia සමාගමට බොරතෙල් කොන්ත්‍රාත්තුවක්

    October, 8, 2025

    2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක (04) කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව්තොග 04ක් මිල දී ගැනීම සඳහා, ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත්ව ඇත.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ලංසු ඇගයීමෙන් අනතුරුව කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සිංගප්පූරුවේ M/s BB Energy Asia Pte. Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.