October, 8, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (08) දිනයේ දී වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 65.24ක පහළ යාමක් දිනය තුළ වාර්තා කළ අතර අද දින ගනුදෙනු අවසානයේ දී එය ඒකක 22,097.99ක් ලෙසින් සටහන් වුණි. මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 15ක වර්ධනීය ගමන් මඟට විරාමයක් ලබාදෙමිනි.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 28.32කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,163.22ක් ලෙසින් සටහන් විය.
අද දින රු. බිලියන 7.32ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. බිලියනයක විදේශීය විකිණුම් වාර්තා වී තිබීම විශේෂත්වයකි. දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.51 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 6.31 ක් ලෙසින් සටහන් වූ අතර රු. මිලියන 811 ක විදේශීය මිල දී ගැනීම් වාර්තා වී තිබුණි.
Video Story