August, 1, 2016
මීට දශක තුනකට පෙර ආරම්භ කෙරුණු Ma's සමාගම, මෙරට ජනතාවගේ විශ්වසනීය ආහාර-පාන සහකරු බවට පත්ව ඇත. සිය 30වන ජන්ම දිනය නිමිත්තෙන් "තිරසාර ආහාර ව්‍යාපාර" යන මැයෙන් ජුලි මස 26 වනදා වැඩමුළුවක් සංවිධානය කිරීමට Ma's සමාගම කටයුතු කළේය. ඉහළ ම ගුණාත්මක බවින් යුතු සකසන ලද සහ කලින් පිසින ලද ආහාර දේශීය සහ අපනයන වෙළඳපලට හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස කීර්තියට පත් Ma's සමාගම සිය මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ප්රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙයි.
පසුගිය වසර 10 ක කාලය පුරා ආචාර ධර්මයන්ට අනුකූලව නිෂ්පාදනය කෙරුණු තිරසාර නිෂ්පාදන පෙළක් වෙළඳපලට හඳුන්වා දීමට Ma's සමාගම කටයුතු කර ඇත. ඊට අමතරව, සාධාරණ වෙළඳ සහ කාබනික සහතිකය හිමි දිවයින පුරා විසිරී සිටින කුඩා පරිමාණ ගොවි පවුල් අතර සාධාරණ වශයෙන් ආදායම් බෙදී යාමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද එම සමාගම කටයුතු කර ඇත.
"කාබනික සහ සාධාරණ වීම" යනු, සහතිකලත් ප්රමිතීන් යටතේ ආහාර නිෂ්පාදනය කිරීමෙන් ඔබ්බට යන සංකල්පයකි. සමාජ ව්‍යවසාය පවුලක්වන අපට එය සමාජයට සහ සොබාදහමට සිදු කරන සුවිසල්, සදාතනික ව්‍යායාමයකි. අප සමාගම ආරම්භයේ පටන් අපගේ දැක්ම මෙය වූ අතර, වර්තමානයවන විට අපි අනාගත පරපුරට ද එම සංකල්පය දායාද කිරීමට කැප වන්නෙමු. දඹුල්ල, මාතලේ, මිනුවන්ගොඩ, හක්මන මෙන්ම උතුරේ ලායකච්චි ප්‍රදේශයේ ද ජීවත්වන විවිධ සංස්කෘතීන් නියෝජනය කරන ගොවි පවුල් සමග සමීපව කටයුතු කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා." Ma's Kitchen හි කළමනාකාර අධ්යක්ෂ මාරියෝ අල්විස් මහතා සඳහන් කළේය.
තිරසාරත්වය යන ආරම්භක ඉලක්කය අනුව යමින්, Ma's සමාගම මෙරට ආහාර පිරිසැකසුම් සහ කෘෂි ව්‍යාපාර ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත. ශ්‍රී ලංකා ආහාර පිරිසැකසුම්කරුවන්ගේ සංගමයේ සහ ජාතික කෘෂි ව්‍යාපාර මණ්ඩලයේ ප්රාරම්භක සාමාජිකයෙකු ලෙස ද Ma's සමාගම ඉතිහාසයට එක් වෙයි.
සිය 30 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කෙරෙන වැඩමුළුවේදී ක්ෂේත්රයට සම්බන්ධ ලොව නන් දෙස විශේෂඥයන් අදහස් පළ කළේය. පුද්ගලික-රාජ්‍ය අංශය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ද නියෝජනය කරමින් පුළුල් පරාසයක විහිදුනු ග්රාහකයන් රැසක් සමග දැනුම බෙදාහදා ගැනීම මෙහිදී සිදු විය.
යුරෝපයේ ප්‍රමුඛත ම සහ වඩාත් සාර්ථක ම කාබනික වෙළඳ සමාගමේ නෙදර්ලන්තයේ Do-IT සමාගමේ පොපේ බ්රෑම් විසින් මෙහිදී "ගෝලීය කාබනික වෙළඳපල" යන මැයෙන් සමුළුවක් මෙහිදී පැවැත්විණි. "ගෝලීය සාධාරණ වෙළඳපල" යන මැයෙන් ක්‍රියාත්මක සමුළුව නෙදර්ලන්තයේ Fair Trade Original සමාගමේ මාර්ටින් බූන් මෙහෙයවන ලදි. ජපානයේ ප්‍රමුඛත ම සමාජ ව්‍යවසායයේ සභාපති- කතොකා මහතා විසින් "ප්‍රජා ව්‍යාපාරය" යන මැයෙන් මෙහෙයවනු ලැබූ අතර, "නූතන ආහාර ව්‍යාපාර සඳහා සමාජ අනුකුලතාව බලපාන්නේ කෙසේද" යන මැයෙන් ඉන්දියාවේ කීර්තිමත් සමාජ ප්‍රාග්ධන අරමුදලක්වන අවිශ්කාර් ෆ්‍රොන්ටියර් ෆන්ඩ් හි සන්චයන් චක්රබූර්ති විසින් එක් සැසියක් මෙහෙයවනු ලැබිණි.
වමේ සිට දකුණට - ශ්‍රී ලංකා Control Uni හි සුමිත් පොන්නම්පෙරුම, ජපානයේ Alishan Organics සමාගමේ ජෝන් බේල්ස්, එරින් සමූහයේ ටී.පී. රාජ්, නෙදර්ලන්තයේ Do-lp සමාගමේ පොපේ බ්‍රාම්

වමේ සිට දකුණට - මාරියෝ ද අල්විස්, Spassen සමාගමේ ආර්. ගුණසේකරන්, Good Market හි ආචාර්ය අමන්දා කීසෙල්, නෙදර්ලන්තයේ Fair-Trade Original සමාගමේ මාර්ටින් බූන්

වමේ සිට දකුණට - ශෙරාන් ද අල්විස්, සන්චයන් චක්රබූර්ති, සුමාචි රාජසිංහම්, මහාචාර්ය කතොකා, අරුන් ඩයස්
Video Story