Voyage Sri Lanka 2025 සමුළුව ඔක්තෝබර් 16 දා කොළඹ දී

    October, 10, 2025

    ලියාපදිංචිය තව දින 4කින් අවසන්

    Voyage Sri Lanka 2025 සමුළුවේ ලියාපදිංචිය සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින හතරක් පමණි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සාමුද්‍රීය සමුළුව, Voyage Sri Lanka 2025, සඳහා තවත් සීමිත ආසන ගණනක් ඉතිරිව තිබෙන අතර, ව්‍යවසායකයින්ට, ආයෝජකයින්ට, ක්ෂේත්‍රයේ විශේෂඥයින්ට මෙන්ම නව ව්‍යාපාරික අවස්ථා සොයා යන්නවුන්ට මෙම සමුළුව වැදගත් වනු ඇත.

    2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙන මෙම සමුළුව මගින් ඉන්දියානු සාගරයේ උපායමාර්ගික සාමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස පවතින ශ්‍රී ලංකාවට තිරසාර වටිනාකමක් ලබා දෙනු ඇත.

    2024 දී පැවැත්වුණු මෙහි මංගල සමුළුවේ සාර්ථකත්වය මත පදනම් වෙමින්, Voyage Sri Lanka 2025 සමුළුව “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කිරීම” යන තේමාව යටතේ, ගෝලීය නියෝජිතයින් 200 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙනු ඇත.

    ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ප්‍රවර්ධනය අරමුණු කොට ගත් මෙම වසරේ Voyage Sri Lanka 2025 සමුළුවේදී, නැව් තැනීම සහ අලුත්වැඩියා කිරීම, අක්වෙරළ සේවා ප්‍රවර්ධනය, බෝට්ටු තැනීම ඇතුළු අක්වෙරළ ආශ්‍රිත ව්‍යාපෘති, ධීවර හා ජලජීවී වගාවන්, සහ නාවුක සංචාරක ව්‍යාපාරය යන අංශයන්හි තිරසාර වර්ධනය කෙරෙහි ජාත්‍යන්තර ආයෝජන අවධානය යොමු කරවනු ඇත.

    මෙම සමුළුවට සහභාගීවන්නන් හට ශ්‍රී ලංකාවේ සාගර ආර්ථිකය දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා වටයන්ට, නවෝත්පාදිත බෝට්ටු ප්‍රදර්ශනයට, සහ කර්මාන්තයේ පාර්ශවකරුවන් සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති ජාලකරණ සැසිවාරයන්ට (B2B & Networking) සහභාගී වීමටද අවස්ථාව ලැබෙනු ඇත.

    විශේෂ වට්ටම් සහිතව ලියාපදිංචි කිරීමේ කාලය අවසන් වුවද, සමුළුව සඳහා තවත් ආසන සීමිත ප්‍රමාණයක් සඳහා ලියාපදිංචිය විවෘතව තිබේ. ඒ අනුව උනන්දුවක් දක්වන්නවුන්ට අදම ලියාපදිංචි වීමෙන් සමුළුවේ ආසනයක් වෙන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    Voyage Sri Lanka 2025 වෙතින් නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීමටත්, සමුද්‍රීය කර්මාන්තයන්හි නව තාක්ෂණ සහ අදහස් උකහා ගැනීමටත් ඔබට ඉඩහසර පෑදෙනු ඇත.

    Voyage Sri Lanka 2025 සමුළුව සඳහා නිල අනුග්‍රාහක දායකත්වය:

    • නිල බැංකු සහකරු: සෙලාන් බැංකුව
    • නිල ඉන්ධන සැපයුම්කරු: Lanka Marine Services
    • රජත අනුග්‍රාහකත්වය: Lanka IOC, Advantis, ශ්‍රී ලංකා සාමුද්‍රීය කර්මාන්ත වාණිජ මණ්ඩලය
    • ලෝකඩ අනුග්‍රාහකත්වය: ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

    ඔබගේ සහභාගීත්වය තහවුරු කිරීමට ඉතිරිව ඇත්තේ දින 4ක් පමණි.
    දැන්ම ලියාපදිංචි වන්න — පිවිසෙන්න www.voyagesrilanka.lk නිල වෙබ් අඩවියට.