ඉදිරි පස් වසර තුළ ප‍්‍රමාණයෙන් දෙගුණවීමේ බලාපොරොත්තු සමග සොෆ්ට්ලොජික් සමූහය සිය 25 වන සංවත්සරය සමරයි

    August, 3, 2016

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මෙන්ම ප‍්‍රබලතම ව්‍යාපාරික සමූහයක් වන සොෆ්ට්ලොජික් සමූහය 2016 ජූලි මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ අතර මෙහිදී කැපී පෙනුනේ මෙරට අති සාර්ථකම ව්‍යාපාරික සමූහයක් ලෙස සොෆ්ට්ලොජික් අසමසම වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව තිබීමයි.

    1991 වසරේ ජූලි මාසයේදී රුපියල් මිලියනයක ප‍්‍රාග්ධනයකින් සේවකයින් 12 දෙනෙකුගෙන් මෙම සමාගම දැන් තිබෙන නමින්ම ආරම්භ කළේ මෘදුකාංග සංවර්ධන සමාගමක් ලෙසිනි. මේ වනවිට, රුපියල් බිලියන 57 ක ප‍්‍රාග්ධනයක් හිමි ව්‍යාපාරික සමූහයක් දක්වා සොෆ්ට්ලොජික් වර්ධනය වී තිබේ.

    සමූහයේ තිබෙන දැක්මේ ප‍්‍රබල බවත්, අළුත් අවස්ථාවන් විවෘත කර ගැනීම සඳහා තිබෙන ශූරත්වයත්, ගණනය කළ අවධානම් තුලින් වර්ධනය වීමේ හැකියාවත් හමුවේ දේශීය ආර්ථිකයේ වර්ධනය වන අංශ හයක සිය ව්‍යාපාරික කටයුතු ශක්තිමත් ලෙස පතුරුවාලීමට සමූහය මේ වනවිට සමත්ව ඇත. මෙහිදී, වැදගත් වන්නේ සෞඛ්‍ය සහ සිල්ලර අංශයෙහි ප‍්‍රමුඛත්වය දරණ සමාගම් සමූහයක් බවටත් තොරතුරු තාක්ෂණය, මූල්‍ය සේවා, වාහන වෙළඳාම සහ සංචාරක කර්මාන්තය යන අංශවල ප‍්‍රබල සමාගම් සමූහයක් බවටත් පත්ව සිටීමයි.

    මෙම සමූහයේ අවුරුදු විසිපහක සාර්ථකත්වය දෙස ආපසු හැරී බලමින් සොෆ්ට්ලොජික් සමාරම්භක සහ සභාපති අශෝක් පතිරගේ මහතා එම වර්ධනයට ප‍්‍රධාන සාධක අතර නම් කරන්නේ සමූහය අත්පත් කරගත් අතිවේගවත් වර්ධනය සහ ඉහළ දැක්මකින් යුතුව සිදුකළ නව ව්‍යාපාර මිලදී ගැනීමයි. සමූහය වර්තමානයේ වැජඹෙන ඉහළ තත්ත්වයට මෙම නව ව්‍යාපාර මිලදීගැනීම් හේතුවූ අතර ආසිරි රෝහල් සමූහය සහ ඔඩෙල් ඡුඛක්‍ සමාගම මිලදී ගැනීම මේ සඳහා කදිම උදාහරණ ලෙස පතිරගේ මහතා විදහා දක්වයි.

    පතිරගේ මහතා සඳහන් කරන්නේ පසුගිය මූල්‍ය වසරේ පමණක් සමූහයේ අලෙවිය රුපියල් බිලියන 39 ක සිට රුපියල් බිලියන 57 ක් දක්වා 46% ක වේගවත් වර්ධනයක් පෙන්වා තිබෙන බවත් සියල්ල සැලසුම් වලට අනුව ක‍්‍රියාත්මක වුවහොත් ඉදිරි වසර පහ තුළදී සමූහයේ ප‍්‍රමාණය දෙගුණ වනු ඇති බවයි.

    ‘‘මේ වනවිට ව්‍යාපාරය ඉදිරියට රැුගෙන යාමට කදිම අදියරක අපි සිටිනවා. එය පසුගිය වසර විසිපහ තුළ ව්‍යාපාර කටයුතු වර්ධනය කළාට වඩා පහසුයිල’’ යනුවෙන් ඔහු සඳහන් කළේය. ‘‘එයට හේතුව වන්නේ මේ වනවිට අපට අවශ්‍ය ස්ථානයේ අපි සිටීමයි. මෙම සාර්ථකත්වය අපි විසින් ළඟාකර ගත්තේ අපගේ දැක්ම සහ සේවකයින්ගේ සහයෝගය තුළිනුයි. අපි විසින් බොහෝ අමාරු කාර්යයන් සිදුකළත් නිවැරදි මානසික තත්ත්වයකින් පිරිපුන් නිවැරදි පුද්ගලයින් මේ කාර්යන් පිටුපස සිටි නිසා අපට ඒවා අමාරු කාර්යයන් වුණේ නෑ. අපගේ සමූහයේ ව්‍යාපාරික අරමුණු ඊළඟ අදියරට රැුගෙන යාමට සවිබල ගන්වා තිබෙන පුද්ගලයින් ධෛර්යෙන් සහ ආත්ම විශ්වාසයෙන් ඉහළ තලයකයි සිටින්නේ.’’

    පතිරගේ මහතා අනාවරණය කළේ මෙම අදියරේදී සමූහය නව ව්‍යාපාරික අංශයන් සමග සම්බන්ධ වීමට අදහස් නොකරන බවත් සමූහය විසින් තෝරාගෙන තිබෙන ව්‍යාපාරික අංශවල පුළුල් කිරීම තුළින් කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වර්ධනයන් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවයි. ‘‘අපි බලාපොරොත්තු වන වර්ධනය සහ කොටස්කරුවන් වෙනුවෙන් ශක්තිමත් වටිනාකමක් ජනිත කිරීම සඳහා අපි මේ වනවිට සිටින අංශවල ඇති තරම් ධාරිතාවයක් තිබෙනවා යැයි අපි විශ්වාස කරනවාල’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    පතිරගේ මහතා අවධාරණය කළේ සමූහයේ කෙටිකාලීන වර්ධනය සඳහා සෞඛ්‍ය සේවාල සිල්ලර සහ මූල්‍ය සේවා යන අංශයත් ඉතාමත් ආකර්ශනීය ස්වභාවයක් ගන්නා බවයි. සමූහය විසින් සිය දෙවන ජාත්‍යන්තර හෝටල් දේපොළ වන ඵඹීඩැබචසජන මෙම වසර තුල පසුව විවෘත කරමින් සංචාරක කර්මාන්තයේ ප‍්‍රධාන සමාගම් සමූහයක් බවට පත්වන නමුත් මෙම අංශයේ තිබෙන ප‍්‍රාග්ධන සූක්ෂම ස්වභාවය පදනම් කරගනිමින් ආයෝජන කටයුතු සිදුකරන බව පතිරගේ මහතා අනාවරණය කළේය.

    ‘‘ඉදිරි අදියරේ වර්ධනය තුළ ප‍්‍රධානතම අංගය වන්නේ අප විසින් ලාභදායීතාවය සම්බන්ධයෙන් අවධානයක් යොමුකර තිබීමයිල’’ යනුවෙන් පතිරගේ මහතා පැවසූ අතර අවධාරණය කළේ සමූහයේ වර්තමාන සාර්ථකත්වයේ ප‍්‍රධානතම අංගයක් වූ අනිකුත් පාර්ශව නොදකින අවස්ථාවන් කෙරෙහි අඛණ්ඩවම අවධානය යොමුකරන බවයි.

    ශ‍්‍රී ලංකාවේ අනාගත සාර්ථකත්වය කෙරෙහි සමූහය විසින් දැඩි විශ්වාසයක් තබා ඇති බව ඔහු ප‍්‍රකාශ කරයි. ‘‘අපි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන විට ලංකාවේ යුද්ධයක් තිබුණා. වසර විස්සක් මෙම යුද්ධය සමග කටයුතු කරමින් වුවද ව්‍යාපාරික වශයෙන් වර්ධනයක් ලබාගැනීමට අප සමත්වුණා. අපි විසින් තෝරාගත් අංශවල නායකත්වය අත්පත් කර ගැනීමේ උපාය මාර්ගය සහිතව නව සමාගම් මිලදී ගන්නා විට අනිකුත් සමහර සමාගම් පුදුමයට පත්වුණා. මෙම උපාය මාර්ගික තීරණ තුළින් ඉහළ ප‍්‍රතිඵල අපිට මේ වනවිට ලැබෙමින් තිබෙනවාල’’ යනුවෙන් පතිරගේ මහතා සඳහන් කළේය.

    ‘‘ශ‍්‍රී ලංකාව 2020 වනවිට ඩොලර් 7000 ක ඒක පුද්ගල ආදායමක් ළඟාකර ගන්නා ඉලක්කයක් වෙත ගමන් කරනවා. මෙම ප‍්‍රමාණයේ ආර්ථිකයක් වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා සොෆ්ට්ලොජික් මනා ලෙස සකස් වී සිටිනවා. අපි විසින් ලංකාවේ විශාලතම සිල්ලර වෙළඳ සංකීර්ණය වන ‘The ODEL MallZ ’ ඉදිකරමින් සිටින අතර අපගේ සන්නාම කළඹ තුළ ලෝකයේ ප‍්‍රබලතම සන්නාම රැුසක් තිබෙනවා. දේශීය වෙළඳ පොළ තුළ නිර්මාණශීලි සන්නාම ප‍්‍රචලිත කිරීමේ පෙර ගමන්කරුවෙකු බවට අප පත්වී සිටින අතර මෙරට සිල්ලර අංශය සිංගප්පූරුව සහ ඩුබායි මෙන් වර්ධනය කිරීමේ අවස්ථාවක් තිබෙන බව අපට පෙනෙනවා. අපට අවශ්‍ය වන්නේ එම ස්ථානයට ළඟා වීමටයි. මීට අමතරව, ඇඳන් 150 කින් යුතු ආසිරි රෝහලක් මහනුවර ඉදිකරමින් සිටින අතර එය 2018 වසරේදී විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. සමූහයේ කොළඹ පිහිටි අනිකුත් රෝහල් මෙන්ම අති නවීන පහසුකම් වලින් යුක්තව මෙම රෝහල ඉදිකරනවා’’ යනුවෙන් ඔහු පැවසීය.

    2015 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සමාගම් සමූහ සන්නාම අතර දෙවන ස්ථානයට පත්වූ සොෆ්ට්ලොජික් සමූහයේ මේ වනවිට ශ‍්‍රී ලංකාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ සිදුකරන ව්‍යාපාරික කටයුතු තුළ 9000 කට වැඩි පිරිසකට රැුකියා ලබාදී ඇත. මීට අමතරව, කීර්තිමත් ගෝලීය ආයතන සහ දැවැන්ත බහු ජාතික සමාගම් සමග සමූහය විසින් උපාය මාර්ගික ව්‍යාපාර සන්ධානයන් ගොඩ නගාගෙන තිබේ.

    සොෆ්ට්ලොජික් විසින් ශ‍්‍රී ලංකාව තුළ නියෝජනය කරන ඉතාමත් පුළුල් ගෝලීය සන්නාම කළඹට Panasonic, Samsung, Whirlpool, Candy, Xerox, Microsoft, Burger King, Levi’s, Nike, Giordano, Mango, Mothercare, Fossil, Splash, Charles & Keith, Dockers, Tommy Hilfiger, Pepe Jeans, Emporio Armani, DKNY, Fossil, Diesel, Skagen, Michael Kors, Adidas, Dell, Blackberry, Epson, NEC, Cisco, Ford සහ Mövenpick අයත් වන අතර සමූහය විසින් නියෝජනය කරන ගෝලීය සන්නාම වලින් කිහිපයක් පමණක් ලෙස මේවා සැලකිය හැකිය.