October, 17, 2025
NDB ප‍්‍රිවිලේජ් බෑන්කින් විසින්, ACH අධ්‍යාපන ආයතනය සමඟ එක්ව සිය ප‍්‍රිවිලේජ් බැංකුකරණ සේවාලාභී ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සංවිධානය කරන ලද සුවිශේෂී වැඩසටහනක් වන Global Education Expo 2025 අධ්‍යාපන ප‍්‍රදර්ශනය සාර්ථක ලෙස පවත්වන ලදී. NDB බැංකුවේ හැව්ලොක් ශාඛාවේ ප‍්‍රිවිලේජ් සෙන්ටර් හිදී පවත්වන ලද මෙම වැඩසටහන සඳහා තම දරුවන්ට ගෝලීය අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කරගැනීමට උනන්දුවක් දක්වන සේවාදායකයින් රැසක් එක්රැස් විය.
ඕස්ට‍්‍රලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, කැනඩාව, සිංගප්පූරුව, මැලේසියාව සහ ජනප‍්‍රිය යුරෝපීය රටවල් ගණනාවක අධ්‍යාපන වැඩසටහන්, ඇතුළත් වීමේ ක‍්‍රියාවලීන්, ශිෂ්‍යත්ව සහ උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාවන් පිළිබඳ අවබෝධයක් ලබා දෙමින්, ප‍්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 30ට අධික සංඛාවකට ඉල්ලූම් කිරීමේ ප‍්‍රවේශය මෙම ප‍්‍රදර්ශනය සඳහා සහභාගීවූවන්ට එම නිලධාරීන් විසින් ලබා දෙන ලදී.
NDB බැංකුව වෙනුවෙන්, මෙම අවස්ථාවේදී විදේශ අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට එම අධ්‍යයන කටයුතු පහසු කරවීම සඳහා සුවිශේෂීව නිර්මාණය කර ඇති NDB Student File මඟින් හිමිවන ප‍්‍රතිලාභ පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී. විදේශයන්හි අධ්‍යාපනය ලබන අය සඳහා NDB Student File පුළුල් මූල්‍ය විසඳුමක් ලබා දෙන අතර, ගාස්තු ගෙවීම්, පේ‍්‍රෂණ සහ සිසුන්ගේ අවශ්‍යතා වලට ගැලපෙන අමතර වටිනාකමක් එකතු කළ බැංකුකරණ කටයුතු සඳහා විශ්වාසදායක සේවාවක් ලබා දෙයි.
2025 Global Education Expo සඳහා ප‍්‍රිවිලෙජ් බැංකුකරණ සේවා ගනුදෙනුකරුවන් 50 දෙනෙකු පමණ සහභාගී වූ අතර, ඔවුන්ට ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වලින් විශේෂඥ මඟ පෙන්වීම පමණක් නොව NDB ප‍්‍රිවිලෙජ් බැංකුකරණ සම්බන්ධතා කළමනාකරුවන්ගේ බැංකු උපදේශනය ද ලබා දෙන ලදී. මෙම අවස්ථාව මඟින් තම ගනුදෙනුකරුවන්ගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථාන කිහිපයකදී, විශේෂයෙන් අනාගත පරම්පරාවේ අධ්‍යාපනික හා වෘත්තීය ගමන් හැඩගැස්වීමේදී ඔවුන්ට සහාය වීම සඳහා NDB බැංකුවේ අඛණ්ඩ කැපවීම අවධාරණය කෙරිණි.
ACH Education වැනි කීර්තිමත් අධ්‍යාපන ආයතනය සමඟ ඇති කර ගත් මෙවැනි හවුල්කාරිත්වයන් හරහා, NDB ප‍්‍රිවිලෙජ් බැංකුකරණය, සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට විහිදෙන සුවිශේෂී පහසුකම්, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විසඳුම් සහ බාධාවකින් තොරව මූල්‍ය සේවාවන් වෙත පිවිසීමට ඇති ප‍්‍රවේශය සැකසීම සමඟින් තම ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමේහිලා ඉදිරියෙන්ම සිටියි.
