කොමර්ෂල් බැංකුවෙන් කොරියාවේ සිට මුදල් එවන්නන්ට තෑගි රැසක්

    August, 3, 2016

    දකුණු කොරියාවේ රැුකියා කරන ශ‍්‍රී ලාංකිකයින් අතර මුදල් එවීම ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා දියත්කළ අතර මෙම මුදල් එවීමේ සේවාව භාවිතා කරන්නන් සඳහා ආකර්ශනීය ප‍්‍රතිලාභ රැසක් බැංකුව විසින් ඉදිරිපත් කර තිබේ.

    මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් මොවුන්ට ආරාධනා කර සිටියේ බැංකුවේ වේගවත් මුදල් හුවමාරු සේවය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ සිටින ප‍්‍රතිලාභීන් වෙත ක්ෂණිකව මුදල් එවන ලෙසයි.

    කොරියාවේ විශාලතම බැංකුව වන Kookmin බැංකුවල KEB Hana බැංකුව සහ Woori බැංකුව සමඟ ඒකාබද්ධව සිදුකරන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේදී කොරියාවේ සිට ශ්‍රී ලංකාවට මුදල් එවන්නන්හට මේ ඕනෑම බැංකුවක වැටුප් ගිණුමක් (Salary account) ආරම්භ කොට නිත්‍ය නියෝගයක් (Standing order) මඟින් කොමර්ෂල් බැංකුවට මුදල් එවිය හැක.

    මෙම ගිණුමකින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රතිලාභී ගිණුමක් වෙත එවන මුල්ම මුදලේ සිටම නොමිලේ ඩෙබිට් කාඞ්පතක් සහ ATM කාඞ්පතක් ලෙස භාවිතා කළ හැකි කොමර්ෂල් බැංකුවේ Remittance කාඞ්පතක් ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන් සුදුසුකම් ලබනු ඇත. නොමිලේ හිමිවන අන්තර්ජාල බැංකු පහසුකම් ඇතුළු එම කාඞ්පත මගින් හිමිවන සියළුම ප‍්‍රතිලාභ එම ගනුදෙනුකරුවන්ට හිමිවේ. තුන්වන මුදල් එවීමෙන් පසු ක්‍රෙඩිට් කාඞ්පතක්ද හයවැනි මුදල් එවීමේදී නිවාස ණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාවක්ද හිමිවේ.

    දොලොස් වැනි පේ‍්‍රෂණයේදී ක්‍රෙඩිට් කාඞ්පතේ ණය සීමාව රුපියල් 50,000 කින් ඉහළ දැමීමට බැංකුව කටයුතු කරනු ඇත.

    ‘‘ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ මුදල් ලැබෙන ප‍්‍රධාන රටවල් වලින් එකක් ලෙස කොරියාව කැපී පෙනෙනවා. ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රෂණ සේවා සම්පාදනයේ විශාලතම බැංකුවක් ලෙස කොරියාවේ සිට ශ‍්‍රී ලංකාවට සිදුවන පේ‍්‍රෂණ ක‍්‍රියාවලිය නවීකරණය සහ වේගවත් කිරීමට බැංකුවට අවස්ථාව තිබෙන බව අපි විශ්වාස කරනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන ඊ බැංකු අංශ ප‍්‍රධානී ප‍්‍රදීප් බන්දුවංශ මහතා සඳහන් කළේය.

    පේ‍්‍රෂණ අංශයේ මෙරට වඩාත් ක‍්‍රියාකාරී බැංකුවක් වන කොමර්ෂල් බැංකුව තම අති නවීන අන්තර් ජාල මුදල් හුවමාරු සේවාව වන ‘ඊ-එක්ස්චේන්ජ්’ සේවාවට අමතරව මනිග‍්‍රෑම්, රියා සහ එක්ස්ප‍්‍රස්මනි පේ‍්‍රෂණ සේවා ගනුදෙනුකරුවන්ට ලබාදෙයි.

    දිවයින පුරා විහිදුණු ශාඛා 251 ක ජාලයක් කොමර්ෂල් බැංකුව සතු වන අතර මේවායින් බොහෝ ප‍්‍රමාණයක් රජයේ වෙළඳ සහ බැංකු නිවාඩු දිනයන්හිදීත් විවෘතව පවතී. මීට අමතරව, ටෙලර් යන්ත‍්‍ර 630 කින් සමන්විත බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතිය ශ‍්‍රී ලංකාවේ බැංකුවක් සතුව තිබෙන ස්වයංක‍්‍රීයව මුදල් නිකුත් කිරීමේ විශාලතම පද්ධතිය වේ. බැංකුව සතුව තිබෙන 60 කට අධික නිවාඩු දින බැංකු මධ්‍යස්ථාන, පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම වෙන්වූ පාරිභෝගික සහාය ඇමතුම් මධ්‍යස්ථානය සහ පේ‍්‍රෂණ මුදල් පැමිණි විට සහ ගෙවූ විට ඒ පිළිබඳව කෙටි පණිවුඩයකින් දැනුම් දීමේ සේවාවන් ඇතුළු සේවාවන් රැුසක පහසුව භුක්ති විඳීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ මුදල් ගනුදෙනුකරුවන්ට ලබාදී ඇත.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුවයි. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටී. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට පසුගියදා බලපත‍්‍රයක් හිමිවිය.