August, 3, 2016
ලොව ප්‍රමුඛත ම ජාත්‍යන්තර ලොජිස්ටික්ස් සමාගමක්වන DHL සමාගම, සිය පාරිභෝගිකයන් හට අසමසම සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරිව සිය රථ-වාහන බලඇණිය සඳහා නවත ම Mercedes-Benz Vito වෑන් රථ 42 ක් යෙදවීමට පසුගියදා කටයුතු කළේය. මෙම නව රථවාහන පෙළ සමගින් රථ වාහන සේවා විශාලත්වය අතින් මෙරට අංක එකේ ස්ථානයත්, ආසියා පැසිෆික් කලාපයේ දෙවන ස්ථානයත් DHL සමාගම සතු වීම විශේෂත්වයකි. වේගයෙන් වර්ධනයවන ව්‍යාපාරික ඉලක්ක ජය ගැනීම සඳහා මෙමගින් DHL සමාගමේ රථ වාහන ධාරිතාව 20% කින් වර්ධනය කෙරෙනු ඇත.
මීට පෙර 35 ක්ව පැවති රථ වාහන සංඛ්‍යාව 42ක් දක්වා වර්ධනය කරමින් මෙම රථ වාහන පහසුකම් වැඩිදියුණු කිරීමත් සමග, ප්‍රවාහන වත්කම් සුරක්ෂිතතා සංගමයේ සහතිකය හිමි මෙරට එකම ලොජිස්ටික්ස් සේවා සපයන්නා ලෙස DHL සමාගම හිමිකර ගෙන ඇති ස්ථානය තවදුරටත් තහවුරු වේ.
"අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම ආරක්ෂාව සහ අනුකුලතාව ලබා දීම උදෙසා අප නිරන්තරයෙන් කැප වනවා. Diesel and Motor Engineering PLC සමාගම සමග ඇතිකර ගත් සාර්ථක හවුල්කාරීත්වය සමග අපගේ රථ වාහන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටත්, එමගින් අපගේ සැපයුම් දාමය තුළ මෙන්ම මෙහෙයුම් කටයුතු තුළ ද ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ද හැකි වනවා. Mercedes-Benz Vito වෑන් රථ මගින් අපගේ රථ වාහන පහසුකම් 20% කින් වර්ධනය වූ අතර, එය මෙරට වේගයෙන් වෙනස්වන ජාත්‍යන්තර එක්ස්ප්‍රස් සේවා අවශ්‍යතා සඳහා මනා සහයෝගයක් ලබා දෙනු ඇත." DHL Express සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකාර දිමිත්‍රි පෙරේරා මහතා සඳහන් කළේය.
ව්‍යාපාරික වර්ධනය සහ දේශීය මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් තවත් අමතර වාහන පෙළක් සිය මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට DHL සමාගම මේවන විට ද සැලසුම් කර ඇත.
මැදි ප්‍රමාණයේ ජවසම්පන්න වෑන් රථයක්වන Mercedes-Benz Vito රථය පුළුල් පරාසයක විහිදුනු නවීන පහසුකම් රැසකගෙන් සවිබල ගැන්වී ඇත. වාණිජ අරමුණු වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම රථය, ටයර් පීඩන අධීක්ෂණය, රියදුරු සහායක තාක්ෂණය, බාහිර ආලෝකයට අනුගත තිරිංග එළි, රියදුරුගේ අවධානයේ ස්වභාවය හඳුනා ගැනීම සහ ආරක්ෂිත කැමරා ආදී විශේෂාංග රැසකින් සමන්විතය. යුරෝ 5 විමෝචන ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති මෙහි එන්ජිම මගින්, මීට පෙර DHL Express සමාගම භාවිතා කළ රථ වාහනවලට සාපේක්ෂව 27% ක ඉන්ධන කාර්යක්ෂමතාවක් හිමිකර දෙයි.
"පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට ගැලපෙන අයුරින් නිෂ්පාදන ලබා දීම සඳහා ඩිමෝ සමාගම නිරන්තරයෙන් කැප වනවා. Mercedes සමාගමේ වසර 120 කට අධික අත්දැකීම් සම්භාරයකින් යුතුව වෙළඳපලට පිවිසෙන Vito රථය, අසමසම තාක්ෂණය, විශ්වසනීයත්වය, වැඩිදියුණු කරන ලද ආරක්ෂිත ක්‍රමවේද සහ කාර්යක්ෂම ඉන්ධන පිරිමැස්ම ආදී වාණිජ අරමුණු සඳහා විශේෂයෙන් වැදගත්වන විශේෂාංග රැසකින් සමන්විතයි. මෙමගින් ලබා දෙන යාවජීව අගය සහ පාරිසරික වගකීම්සහගත බව ලබා ගත හැක්කේ නියම වාණිජ රථ වාහන විශේෂඥයෙකුගෙන් පමණි. මෙම නව රථ වාහන පෙළ සමගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු තවදුරටත් වර්ධනය කර ගැනීමට DHL සමාගමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි." Diesel & Motor Engineering PLC සමාගමේ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේය.
සිය පාරිභෝගිකයන් නිරන්තරයෙන් වගකීම්සහගත සහ හරිත විසඳුම් ලබා දෙන හවුල්කරුවන්ගේ සේවය අපේක්ෂා කරන බව දිමිත්‍රි පෙරේරා මහතාගේ අදහසයි."උපරිම සුරක්ෂිතතාව සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව භාණ්ඩ ප්‍රවාහන සේවා ලබා දීම සඳහා අප දක්වන කැපවීම මෙම නව රථ වාහන පෙළ සමගින් වඩාත් තහවුරු වනවා. එමෙන්ම, 2020 වසරවන විට සිය කාබන් කාර්යක්ෂමතාව 30% කින් වර්ධනය කර ගැනීමේ DHL සමූහයේ ඉලක්කය ජය ගැනීම සඳහා ද මෙය මනා පිටිවහලක් වනු ඇත." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නව වෑන් රථයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ රියදුරන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ පුහුණු සැසියක් ද ක්‍රියාත්මක කෙරිණි. සුරක්ෂිත ධාවන ක්‍රමවේදයන්ට අනුව රියදුරන් කටයුතු කිරීම තහවුරු කිරීම සඳහා DHL සමාගම ක්‍රියාත්මක කරන මාර්ග සුරක්ෂිතතා වැඩසටහන්වලට අනුකූලව මෙම පුහුණු සැසි දියත් කෙරිණි. මාර්ග අනතුරු අවම කර ගැනීමට මෙන්ම, රියදුරන්ගේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගැනීමට ද මෙමගින් හැකි වී ඇත.
Video Story