එදිරිසිංහ බ්‍රදර්ස් සමාගම හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වාහන (HEV) අලූත්වැඩියාවේ පළමු ශ්‍රී ලංකික විශේෂඥයා වෙමින්

    August, 4, 2016

    හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන අලූත්වැඩියා කටයුතු සඳහා නිසි ප්‍රමිතිගත ක්‍රමයක් හෝ පිළිගත් ආයතනයක් මෙරට පැවතියේ නැත. එම අඩුපාඩුව සහ එහි දැඩි අවශ්‍යතාවය ඉතා හොඳින් හඳුනාගත් එන්ජින් අලූත්වැඩියාවේ පුරෝගාමී විශේෂඥ එදිරිසිංහ බ්‍රදර්ස් (පුද්.) සමාගම හයිබි්‍රඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන අලූත්වැඩියාව සඳහාම සුවිශේෂී වූ ‘හයිබ්‍රිඩ් හබ්‘ ආයතනය ආරම්භ කරයි.

    ‘හයිබ්‍රිඩ් හබ්‘ සහකාර ප්‍රධාන විධායක නිලධාරි සංඛ එදිරිසිංහ මහතා ඒ පිළිබඳව විග්‍රහකරමින්,
    “බොහෝ පිරිසක් හයිබි්‍රඩ් සහ ඉලෙක්ටි්‍රක් වාහන මිලදී ගැනීම සඳහා යොමුවෙලා. එහෙත් මේ ඉල්ලූම අනුව වාහන භාවිතයේදී අවශ්‍යවන නඩත්තු කටයුතු වෙනුවෙන් විශේෂඥ දැනුම හා යටිතල පහසුකම් අපේ රටේ නැහැ. දැනට වෙනත් ආයතන කිහිපයක් මෙම නඩත්තු කටයුතු සිදුකළත් දිගුකාලීනව හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහනවල සුරක‍ෂිතතාවය රැකිය හැකි කාර්මික-තාක‍ෂණයක්, දෝෂ නිවැරදිව නිරීක‍ෂණය කළහැකි ආම්පන්න සහ මෙවලම් ඔවුන් සතුව නැහැ.

    මේ සියලූ වැදගත් කරුණු සලකමින් අනෙකුත් රටවල් භාවිතකරන හයිබි්‍රඩ් සහ ඉලෙක්ටි්‍රක් තාක‍ෂණයක ජාත්‍යන්තර අධිකාරි බලය හිමි ඇමෙරිකාවේ AR&D ආයතනය වෙතින් දෝෂ හඳුනාගැනීමේ තාක‍ෂණය, පුහුණුකිරීම් සහ පූර්ණ සහය zහයිබි්‍රඩ් හබ්Z වෙත ලැබී ඇත. ඉහත තාක්ෂණි කටයුතු ප්‍රායෝගිකව සිදුකිරීම සඳහා AR&D සමාගමේ ආසියා පැසිෆික් කලාපයේ පූර්ණ අධිකාරි බලය හිමි සිංගප්පූරුවේ Growth Dynamics සමාගම අප හා අත්වැල් බැඳ සිටී. මීට අමතරව සිංගප්පූරුවේ Optima Werkz සමාගම ඔටෝමොබයිල් අලූත්වැඩියා පිළිබඳ තාක‍ෂ‚ක සහය සපයනු ලබනවා. ‘හයිබ්‍රිඩ් හබ්‘මෙරටට හඳුන්වාදෙන නවීනතම හයිබි්‍රඩ් සහ ඉලෙක්ටි්‍රක් බැටරි පරීක‍ෂා කිරීමේ (testing), ආරෝපණය කිරීමේ (conditioning) හා නැවත සැකසීමේ (rebuilding) අතිශය විප්ලවකාරී නිර්මාණාත්මක තාක‍ෂණයෙහි අයිතිය ඇමෙරිකාවේ AR&D ආයතනයේ ආචාර්ය මාර්ක් ක්වාටෝ මහතා සහ ඔහුගේ කණ්ඩායම සතුයි˜.

    මෙම අවස්ථාව පිළිබඳව ආචාර්ය මාර්ක් ක්වාටෝ මහතා අදහස් දක්වමින්, —හයිබි්‍රඩ් සහ ඉලෙක්ටි්‍රක් වාහන සම්බන්ධ නඩත්තු සහ දෝෂ නිරීක‍ෂණයට අවශ්‍ය තාක‍ෂණය හා තාක‍ෂ‚ක දැනුම ඉතා සංකීර්ණ මෙන්ම අත්‍යවශ්‍යයි. හයිබි්‍රඩ් සහ ඉලෙක්ටි්‍රක් වාහන සම්බන්ධ දෝෂ සාමාන්‍ය ගරාජයකින් වුවත් හඳුනාගත හැකි බවට සමාජයේ මතයක් තිඛෙනවා. නියම පුහුණුවක් මෙන්ම, අවශ්‍ය ආම්පන්න හෝ තාක‍ෂණයක්, නිසි දැනුමක් නොමැතිව කිසිසේත්ම එම කටයුතු කළනොහැකියි. එය අනිවාර්යයි. හයිබි්‍රඩ් බැටරි ක්‍රියාකාරීත්වයේ නියම තත්ත්වය ගැන නිශ්චිතව නිවැරදිව සොයා බැලිය යුතුයි. අපගේ AR&D ආයතනයට පමණක් හිමි මෘදුකාංග සහ මෙවලම් භාවිතකර බැටරිය අදාළ වාහනයෙන් වෙන්කොට, ඒ තුළ ඇති මොඩියුල එකින් එක පරීක‍ෂා කළහැකියි. අඩු ක්‍රියාකාරීත්වයක් ඇති මොඩියුල නිවැරදිව සොයා ඒවා කන්ඩිෂන් කර බැටරියේ මොඩියුල සියල්ලෙහි සමස්ත බලය හා ධාරිතාව මුල් නිෂ්පාදනයේ ධාරිතාවෙන් 95%ක් දක්වා වැඩි කිරීම මෙහිදී සිදුවේ. දැන් ශ්‍රී ලාංකික ජනතාවට මෙම පෙරළිකාර තාක‍ෂණයේ වාසි අත්කර ගැනීමේ වාසනාව ‘හයිබ්‍රිඩ් හබ්‘ වෙතින් ලබාදී තිඛෙනවා.˜