October, 29, 2025
පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ Sri Lankan Top 100 සම්මාන උලෙළේදී ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන "ස්වර්ණ හංස" සම්මානය ප්‍රවීණ ක්‍රීඩා විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතාට පිරිනමන ලදී. මේ අවස්ථාවට ඈපාසිංහ මහත්මියද සභභාගි විය.
කලාව, ජනමාධ්‍ය, ව්‍යාපාර වැනි විවිධ ක්ෂේත්‍රවල දක්ෂයන් තෝරා ඇගැයීමට ලක් කරන Sri Lankan Top 100 මෙවර පැවැත්වූයේ අඛණ්ඩව 6 වැනි වරටය. කලාකරුවන්, ව්‍යාපාරිකයන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා ඇති පුද්ගලයන් සභභාගි වූ සම්මාන උලෙල සංවිධායකයන් විසින් උත්කර්ෂවත් ලෙස සංවිධානය කරනු ලැබ තිබුණි. චාන්ස් ස්පෝට්ස් අධිපති ලසන්ත අමරසිංහ මහතා ප්‍රේමසර ඈපාසිංහ මහතා වෙත මුල්‍ය ත්‍යාගයත් පිරිනැමීමටද කටයුතු කළේය.