November, 4, 2025
සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාර බලශක්ති ව්‍යාපෘතිය මුල්‍යකරණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර්ජාතික මූල්‍ය සමායතනය (IFC) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා 2025‑05‑07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
එම ණය පහසුකම ලබා ගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර්ජාතික මූල්‍ය සමායතනය සමඟ සම්මුති සාකච්ඡා පවත්වනු ලැබ තිබේ.
එකී ණය පහසුකම ලංකා විදුලිබල මණ්ඩලයට හෝ එහි අනුප්‍රාප්තික ආයතනය/ආයතන වෙත නැවත උප ණය වශයෙන් ලබා දීමට ද අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති මූල්‍ය නියමයන් හා කොන්දේසි මත ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක ණය පහසුකම ලබා ගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර්ජාතික මූල්‍ය සමායතනය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Video Story