ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඩොලර් මිලියන 175ක ණය දෙසැම්බරයේ දී ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් කරනවා

    November, 7, 2025

    ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඩොලර් බිලියන 175ක ණය දෙසැම්බරයේ දී ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් කරන බව මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ 2026 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කළ කතාවේදී යි.

    "අපගේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යය බොහෝ දුරට අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තිරසාර මූල්‍ය මාවතකට යොමුකර ඇති අතර දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය තව දුරටත් ශක්තිමත් කර තිබෙනවා. මෙම අත්පත් කරගත් ප්‍රගතිය හේතුවෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන වන ෆිච් රේටීන්ස්, මූඩිස් සහ S&P වැනි රටේ ස්වරී ශ්‍රේණීගත කිරීම් පිළිවෙලින් CCC+ CAA1 සහ CCC+ දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙම නව ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලංකාවේ ආයෝජනය සම්බන්ධව විස්වාශය තවදුරටත් පිළිබිඹු කරන කැඩපතක් වෙනවා. තවත් අපට ණය ප්‍රතිව්‍යූහගත කිරීම් ඩො.මි 175ක ණයක් තියනවා. එයාර් ලංකා ආයතනයෙන් ඒක දැන් ඩො.මි 210ක් පමණ වෙලා තියනවා. ඒ ණය ඉතා ඉක්මනින් අපි මේ දෙසැම්බර් මාසයට පෙර ප්‍රතිව්‍යුහගත කරගන්නවා. එතකොට මම හිතනවා අපේ මේ අගය තවත් පහළ අගයකට පත්වෙයි කියලා."