2030 වසර වන විට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වාත් සංචාරක පැමිණීම් මිලියන 4 ක් දක්වාත් වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් සංචාරක අංශයේ වේගවත් වර්ධනයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා පවසයි.
තව ද ජනපතිවරයා පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්රයේ දියුණුවට ඇති ප්‍රධානම අභියෝගය වන විවිධ පාර්ශවකරුවන් අතර වන සම්බන්ධීකරණ ගැටළු ජය ගැනීමට ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සංචාරක අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන ඇති බවයි.
ආයතන ශක්තිමත් කිරීමට අමතරව, බලාපොරොත්තුවන සංචාරක කර්මාන්තයේ විවිධ අංශවල ඉලක්ක සපුරා ගැනීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ ඒකාබද්ධ අලෙවිකරණ, ප්‍රචාරණ ව්‍යාපාරයක් පැවැත්වීමට අඛණ්ඩව ආයෝජන සිදු කිරීම අත්‍යවශ්‍ය බව ද ජනපතිවරයා පවසා සිටියේ ය.
2026 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපති වරයා මේ බව පවසා සිටියේ ය.
- සොබාදහම කේන්ද්‍ර කරගත් හා ඓතිහාසික උරුමයන් හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම කටයුතුවලට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 3,500 ක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ බස්නාහිර පලාතේ වෙරළ හා මුහුද ආශ්රිත හැමිල්ටන් ඇල, මීගමු කළපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරයන් සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
- තවද, ඌව පළාත තුල දැනටමත් විශාල වශයෙන් දේශීය සහ විදේශීය සංචාරක ආකර්ෂණයක් සහිත හපුතලේ, බෙරගල හා ඉදල්ගස්හින්න යන ප්‍රදේශවල පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීම මඟින් හපුතලේ ප්‍රදේශය ලංකාවේ තවත් ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා.
- රජය සතු ඌන උපයෝජිත සංචාරක බංගලා, නිවාඩු නිකේතන 900 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. මේවායින් බොහෝමයක් ඉහළ සංචාරක ආකර්ෂණය සහිත තැන්වල පිහිටා තිබෙනවා. සංචාරක ක්ෂේත්රයේ නවාතැන් අවශ්‍යතාවන් සැපරීම සඳහා පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ආදායම් උත්පාදන ඒකක බවට එම ස්ථාන පත්කරනවා.
- 2030 වසර වන විට සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ විවිධ කාණ්ඩ හරහා නිපුණතා සහිත පුද්ගලයින් 800,000 කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පවතින භෞතික හා මානව සම්පත් සීමිත බැවින් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට (SLITHM) පමණක් මෙම ඉල්ලුම සපුරාලිය නොහැක. මෙම ජාතික මට්ටමේ ශ්‍රම බලකා පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් දිවයින පුරා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් පිළිගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතන හරහා කෙටි කාලීන වෘත්තීය පුහුණු වැඩසටහනක් වන ආගන්තුක සත්කාර බහුකාර්ය වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
- බේරේ වැව සංවර්ධනය කොට එය කොළඹ නගර මධ්‍යයේ පවතින ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමටත්, සංචාරක ක්‍රියාකාරම් ඇතුළු සමාජයීය, ආර්ථික සහ පාරිසරික යන සියලු අංගයන්හි ඵලදායී භාවිතය ඉහළ නැංවීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 2,500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
- බේරේ වැව සංවර්ධනය කොට එය කොළඹ නගර මධ්‍යයේ පවතින ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමටත්, සංචාරක ක්‍රියාකාරම් ඇතුළු සමාජයීය, ආර්ථික සහ පාරිසරික යන සියලු අංගයන්හි ඵලදායී භාවිතය ඉහළ නැංවීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 2,500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
- අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීම සංචාරක කර්මාන්තයේ වර්ධනයට අත්‍යවශ්‍යයි. මේ සඳහා දැනටමත් ආරම්භ කර ඇති හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළෙහි සංවර්ධන කටයුතු 2026 වසර තුළ දී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. සීගිරිය, ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය, හා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට රුපියල් මිලියන 1,000 ක ප්රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනු ලබන අතර අතිරේක ප්‍රතිපාදන සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දායක කර ගනු ලබනවා.
- ඉහළ යන ගුවන් ප්‍රවාහන ඉල්ලුම සපුරාලීමට සහ මගී හා භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර සංක්‍රමණ කේන්ද්‍රස්ථානයක් (International Transit Hub) ලෙස ස්ථාපිත වීමට අනඟි අවස්ථාවක් උදා වී තිබෙනවා. අපගේ උපායමාර්ගික පිහිටීම, බටහිර සහ නැගෙනහිර කලාප දෙකටම අසමසම ප්‍රවේශයක් සපයනු ලබනවා.