නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව බඩල්ගමට

    November, 7, 2025

    නාරාහේන්පිට පිහිටි මිල්කෝ කිරි කර්මාන්ත ශාලාව බඩල්ගමට ගෙන යාමට සැලසුම් කර ඇත.‍

    අද (07) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අයවැය කථාව කරමින් මේ බව අනාවරණය කළේය.

    2015 දී ආරම්භ කරන ලද බඩල්ගම කිරි කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    "මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් හි බඬල්ගම නව කිරි කමාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම ඉතා වැදගත්. 2015 වසරේ දී ආරම්භ කරන ලද බඩල්ගම කිරි කර්මාන්ත ශාලාව මහජන ධනය දැනටමත් රුපියල් මිලියන 18,000 ක් පමණ වැයකර, අතරමඟ නවතා දමා තිබෙනවා. 2022 වසරේ සිට අත්හැර දමා ඇති, මෙම ව්‍යාපෘතිය, ඉදිරියේ දී ජාතික ආථිකයට ඵලදායී ලෙස දායක කරගැනීම සඳහා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සහ කිරි සැකසුම්කරණය වඩාත් උසස් තත්ත්වයෙන් සිදු කිරීම සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, කමාන්තශාලාවේ ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා අවශ්‍ය වන මූලික කටයුතුවලට, විශේෂයෙන්ම යන්ත්‍රෝපකරණ හා ගොඩනැඟිලිවල නිවැරදි කිරීම් (Rectification) සහ කමාන්තශාලාවේ ප්‍රතිසංස්කරණයන් සිදු කර කර්මාන්තශාලාවේ නිෂ්පාදනය ආරම්භ කිරීම පිණිස මෙවර අයවැය තුලින් රුපියල් මිලියන 3,000 ක් ලබා දීමට යෝජනා කරනවා. මෙහි වැඩකටයුතු කඩිනමින් අවසන් කර, දැනට නාරාහේන්පිට ඇති කිරි කර්මාන්තශාලාව මෙම ස්ථානයට ගෙන යාමට යෝජනා කරනවා."