November, 7, 2025
විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා පවසයි.
එය පොලී ප්‍රතිපූර්ණය ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් භාවිතයෙන් සිදු කිරීමට යෝජනා කරන බවද ඔහු පවසා සිටියේ ය.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ 2026 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
තව ද විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් මූලික වැඩකටයුතු කඩිනමින් සිදුකර 2026 වසර තුළ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකරන බවත් ජනපතිවරයා පවසා සිටියේ ය.
"අපගේ ඉහළම ශුද්ධ විදේශ විනිමය මූලාශ්‍රය වන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකරනු ලබන ප්‍රේෂණයි. එම පිරිස විසින් අප රටේ සංවර්ධනයට දක්වන දායකත්වය අගයමින් විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනවා. එය පොලී ප්‍රතිපූර්ණය ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් භාවිතයෙන් සිදු කිරීමට යෝජනා කරනවා.
ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. මූලික වැඩකටයුතු කඩිනමින් සිදුකර 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකරනවා.
මෙම වැඩසටහන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 2,000 ක් ආරම්භ පියවරේ දී වෙන්කරනු ලබනවා."
Video Story