November, 10, 2025
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්රී ලාංකිකයින් 633 දෙනෙකු සඳහා ඊශ්රායලයයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
ඊශ්රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා අද (10) දින ඊශ්රායලය බලා යාමට නියමිත 185 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 17 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම 11/06 දින ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුවිය.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්රායලයයේ පීබා (PIBA)ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්රායලයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා ශ්රී ලාංකිකයින් 2523 දෙනෙකු හට හිමිවී තිබේ.
මේ අතර, ඊශ්රායලයේ ජනගහන සංක්රමණික හා දේශසීමා අධිකාරිය විසින් සාත්තු සේවා රැකියා ක්ෂේත්රය වෙනුවෙන් සිදුකරන ලද 32 වන ලොතරැයි දිනුම් ඇදීම මගින් තෝරාගත් අයදුම්කරුවන් 195 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්ද 11/06 දින කාර්යාංශයේදී පැවැත්විය.
ඊශ්රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්රායලයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Video Story