November, 11, 2025
අද (11) උදෑසන වන විට මෙරට කැරට් 22 රත්රං පවුමක මිල යලිත් වරක් ලක්ෂ තුනේ සීමාව පසු කර ඇති බවට වාර්තා වෙයි.
ඒ අනුව කැරට් 22 රත්රං පවුමක මිල දැක්වෙනුයේ රු. 300,600ක් ලෙසයි.
මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 325,000 ක් ලෙසින් ද නියම වී ඇත.
යලිත් වරක් ලෝක රන් මිල ඉහල යාමත් සමග මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව රු. 7000/= කින් පමණ ඉහළ ගොස් ඇත.
ලෝක රන්මිල ඩොලර් 4,120 පසුකර ඇති බවට වාර්තා වෙයි.
Video Story