CIC සමාගම ලොව ප‍්‍රචලිත PediaSure ළමා පෝෂණ අතිරේකය නව ඇසුරුම් පෙළකින් හා විශේෂ මිළකට හදුන්වා දෙයි

    August, 5, 2016

    ලොව ප‍්‍රචලිත PediaSure ළමා පෝෂණ අතිරේකය නව මුහුණුවරකින් ශ‍්‍රී ලාංකික වෙළෙදපොළට හදුන්වාදෙන බව PediaSure නිෂ්පාදනය කරන Abbott Nutrition සමාගමේ මෙරට එකම නියෝජිත සමාගම වන ක්‍ෂක්‍ සමාගම පසුගියදා නිවේදනය කළේය. PediaSure නව අසුරුම් පෙළ වෙළෙ`දපොළට හ`දුන්වාදීමේ උත්සවය පසුගියදා කොළඹදිී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය. එම උත්සවය ස`දහා CIC Holdings PLC සමාගම් සමූහයේ කළමනාකාරීත්වය ඇතුඵ සේවක මණ්ඩලය හා Abbott Nutrition සමාගමේ දකුණු ආසියානු කලාපය භාර ජේ්‍යෂඨ නිළධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වූහ.

    මෙහිදී අදහස් දැක්වු CIC Holdings PLC හි සෞඛ්‍ය සහ පාරිභෝගික අංශයේ අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එස්. පේ‍්‍රම්කුමාර්මහතා පැවසුවේ ,CIC සමාගම් සමූහය සැම විට ජනතාවට උපරිම වටිනා කමක් ඇති නිෂ්පාදන ඉදිරිපත් කරන දේශීය සමාගමක්. ලෝකයේ දැවැන්තම ඖෂධ හා පෝෂණ අතිරේක නිෂ්පාදන සමාගමක් වන Abbott Nutrition සමාගමේ PediaSure නිෂ්පාදන නව ඇසුරුම් පෙළකින් සහ ඉතා විශේෂ මිළකට හ`දුන්වා දීමට හැකි වීම අපිට ඉතා වැදගත් අවස්ථාවක්. මෙම ඇසුරුම් පෙළ නිසා සිය පාරිභෝගිකයින්ට තම දරුවන්ට අවශ්‍ය පෝෂණය දැරිය හැකි මිලකට ලබාදීමට අවස්ථාව ලැබී තිබෙනවා.,

    නව ඇසුරුම් 6 කින් සමන්විත PediaSure මෙම පෝෂණ අතිරේකය, වැනිලා සහ චොක්ලට් රසයෙන් යුතුව වන අතර එය දිවයිනේ ප‍්‍රධාන වෙළෙදසැල් වලින් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට දැන් අවස්ථාව උදාවී ඇත.

    වයස අවුරුදු 1 සිට 10 දක්වා ළමුන්ට අංගසම්පූර්ණ හා සමබර පෝෂණයක් සපයන PediaSure කිරි වීදුරුවකින් ළමා පෝෂණයට අවශ්‍ය ප්‍රෝටීන්, කාබෝහයිඞ්ගේ්‍්‍රඞ් සහ මේදය (ලිපිඞ්) අන්තර්ගත මයික්‍රො නියුට්රියන් සංඝටක 37 ක් සැපයීම විශේෂත්වයකි. ඒ අනුව ළමුන්ගේ උස සහ බර වර්ධනයට, ළමුන්ගේ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට සහ මොළයේ වර්ධනයට මෙම පෝෂණ අතිරේකය හේතුවේ.

    මෙහිදී අදහස් දක්වමින් Abbott Nutrition International සමාගමේ අග්නදිග ආසියාව භාර ජේ්‍යෂ්ඨ කළමණාකරු සුබ්රතෝ චවුද්රී මහතා පැවසුවේ ”PediaSure නව ඇසුරුම් පෙළ නව මිලක් යටතේ හ`දුන්වාදීමට හේතු වුණේ වැඩි පාරිභෝගිකයින් පිරිසකට PediaSure නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට අපට තිබූ උවමනාවයි. දැන් වෙළෙ`දපොලේ ඇති නව PediaSure ඇසුරුම් පෙළ නිසා ඕනෑම දෙමාපියන්ට පහසු මිලට තම දරුවන්ට අංග සම්පූර්ණ පෝෂණයක් ලබා දීමට හැකියි.,

    'Designed to Value' සංකල්පය මූලික කරගෙන හ`දුන්වා දී ඇති PediaSure නව ඇසුරුම් පෙළ පාරිභෝගිකයින් හට ගෙවන මුදලට උපරීම වටිනාමක් ලබාදීමට ඉලක්ක කරයි. කිලෝ ග‍්‍රෑම් 1 හා ග‍්‍රෑම් 400 ඇසුරුම් වලින් එන නව PediaSure ඇසුරුම් පෙළ, දිවයින පුරා පිහිටි ප‍්‍රධාන වෙළෙ`දසැල් වලින්ද ලබාගත හැක.

    වමේ සිට දකුණට CIC Holdings PLC හි Abbott Nutrition නිෂ්පාදන පිළිබද අලෙවි කළමණාකරු සචිත රෝද්‍රිගු, CIC Holdings PLC හි ඖෂධ අංශයේ ප‍්‍රධානී එම්. ජයසේකරන්, Abbott Nutrition හි ඉන්දියානු නියෝජිත රවී කටප්පලී, CIC Holdings PLC හි ප‍්‍රධාන විධායක නිළධාරී හා කළමණාකාර අධ්‍යක්‍ෂ සමන්ත රණතුංග, Abbott Nutrition හි අග්නදිග ආසියාව භාර ජේ්‍යෂ්ඨ කළමණාකරු සුබ්රතෝ චවුද්රී සහ CIC Holdings PLC සෞඛ්‍ය සහ පාරිභෝගික අංශයේ අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එස්. පේ‍්‍රම්කුමාර් යන මහත්වරු.