රු. බිලියන 8ක පිරිවැටුමක් සමඟින් කොටස් වෙළෙඳපොළ අද තවත් ඉහළට

    November, 11, 2025

    අද (11) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල ඉහළ යාමක් දක්නට ලැබුණි.

    එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 79.57කින් ඉහළ ගොස් ඒකක 23,582.16ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 28.56කින් ඉහළ ගොස් ඒකක 6,528.60ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 105ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 115කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    එහි දී රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, ඩයලොග් ආසියාටා, DFCC බැංකුව, ඇක්සෙස් ඉන්ජිනියරින්ස් සහ HNB යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 8.22ක් ලෙසයි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 8.07ක් හා දේශීය විකිණුම් රු. බිලියන 8.09 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 150ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 124ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.